Wednesday, March 22, 2023
spot_img

Latest Posts

මෙරට ඉතිහාසයේ ඉහළම මත්ස්‍ය අපනයනය ආදායම ඉපයූ වසර බවට පසුගිය වසර පත් ​වේ

පසුගිය වසරේ මුල් මාස11 තුළ මත්ස්‍ය නිශ්පාදන අපනයනයෙන් උපයාගෙන ඇති ආදායම රුපියල් කෝටි 5,700 කි.

මෙම කාලසීමාව තුළ මත්ස්‍ය නිශ්පාදන අපනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 24,229 කි. පසුගිය වසරේ ඉස්සන් වගාවෙන් 180% ක අපනයන ආදායම් ප්‍රගතියක් වාර්තා කර ඇති අතර ටින් මාලු ආනයන වියදම 68% කින් පහළ වැටී ඇත.

මීට අමතරව උක් , බඩඉරිඟු, කජු, ගම්මිරිස් , කරාඹු නැටි ,කුරුඳු , බුලත් ඇතුළු වැවිලි බෝග වගා ආශ්‍රිතව වගා සංවර්ධනය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. පසුගිය වසරේදී ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක කල ව්‍යාපෘති වල සැලකියයුතු ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි රජය පවසයි .

2025 වර්ෂය වනවිට සපුරා ගතයුතු ඉලක්ක වෙනුවෙන් මෙම වසරේදීද ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව රජය පවසයි . 2025 වනවිට ජාතික ද.දේ.නිශ්පාදිතය සඳහා අපනයන ක්ෂේත්‍රයේ දායකත්වය 2% සිට 4% අක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි. එමෙන්ම අපනයන කෘෂි ව්‍යවසායකයන් ගේ ඒකපුද්ගල ද.දෙ. නිශ්පාදිතය ඇමරිකානු ඩොලර් 6,500 දක්වා ඉහළ නැංවීමට ද කටයුතු කෙරේ. 2025 වනවිට තරුණ ව්‍යවසායකත්වය 30% කින් වැඩි කිරීමටත් , සීනි සහ කජු ආශ්‍රිත නිශ්පාදන ආනයනය 60% ක් දක්වා සීමා කිරීමට රජය බලාපොරොත්තු වේ.ඉදිරි වසර සියල්ලම අපනයනය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වමින් රට නංවන්නට යන ගමන සාර්ථක වේවා .

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.