කැබිනට් සංශෝධනය : GL, දිනේෂ්, සරත් ඉවතට. පොලිසිය දිළුම්ට ?

Date:

ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන සහ සරත් වීරසේකර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කෙරෙනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මේ අතරින් විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා තමන්ට එම තනතුර දැරීමට නොහැකි බව රජයේ ප්‍රබලයින් වෙත දැනුම් දී ඇති අතර බොහෝවිට ඒ මහතාව ඉදිරියේදී කථානායක ධුරයට පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එසේම දැනටමත් ප්‍රශ්න ගණනාවක්ම ඇති කරගෙන සිටින සරත් වීරසේකර මහතා වෙනුවට දැනට ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන දිළුම් අමුණුගම මහතාට පොලිසිය භාර කෙරෙනු ඇති බව සඳහන්.

රාජ්‍ය අමාත්‍යවරුන් අතරින් දිළුම් අමුණුගම මහතාට පමණක් නොව ඩී. වී. චානක මහතාට ද කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබීමට නියමිත බවත් වාර්තා විය.

එමෙන්ම දැනටමත් කෘෂිකර්ම ක්ෂේත්‍රය පඹ ගාලක් බවට පත්කරගෙන සිටින මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එම අමාත්‍ය ධුරය අහිමි වනු ඇති අතර එම අමාත්‍යාංශය ද ප්‍රසන්න රණතුංග මහතා යටතට පත්කෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

අප මීට පෙර වාර්තා කළ පරිදි අමාත්‍ය මණ්ඩල සංශෝධනය ජනවාරි 12 වනදා වෙනුවට ජනවාරි 10 වනදා සිදුකිරීමටත් බොහෝවිට ඉඩ ඇති අතර කෙසේවෙතත් එය අනිවාර්යයෙන්ම 12 වනදා හෝ ඊට පෙර සිදුකෙරෙනු ඇති බවත් ඒ, 12 වනදායින් පසු සුබ නැකැත් නොමැති නිසා බවත් වාර්තා විය.

කෙසේවෙතත්, මේ වනවිට පවතින තත්වයන් අනුව මේ සියල්ලම අවසන් මොහොතේ වෙනස් වීමටත් ඉඩ ඇති බවත් රජයේ සමීප ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...