*
Friday, March 29, 2024
spot_img

Latest Posts

අනුර රජ සැප පිණිස හරිණි අත්හරිණවා ද

ජනප්‍රවාදයේ සඳහන් අන්දමට සාලිය කුමරු අශෝකමාලා නිසා ලක්දිව රජ සැප අත්හැරියා. ගැමුණු කුමරුත් විවාහ වුණේ රජ කුමරියක සමග නො වෙයි. සමහර විට එතුමාටත් ප්‍රශ්න තියෙන්න ඇති. මල්ලි තිස්ස කුමාරයා රජකමට උරුම කියලත් තියෙනවා. රජකම සම්බන්ධයෙන් මල්ලිලා ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. මල්ලි විහාර මහා දේවියයි කඩොල් ඇතයි අරගෙන ගිහින් තමයි රජකමට උරුමකම් කිවුවෙ. ඒ දවස්වල හාමුදුරුවරු ඉඳලා තියෙන්නෙ තිස්සගෙ පැත්තෙ. සමහර විට උන්වහන්සෙලා කුල මල ප්‍රශ්නත් ඇද්දද දන්නෙ නැහැ. මල්ලි යුදගනාවෙදි අයියත් එක්ක යුද වදින්න තරම් එඩිතර වුණා. ඔය යුදගනාවයි යුදගනවි ගිවිසුමයි අතර සම්බන්ධයක් තියෙනවා ද? මට එහෙම හිතෙනවා.

ඒ කොහොම වුණත් ගැමුණු මල්ලි ව පරාජය කළා. අපි හැමෝට ම ගැමුණු රජුගෙන් ඉගෙන ගන්න පාඩම් තියෙනවා. හාමුදුරුවරු මල්ලි එක්ක කියල ගැමුණු කුමරු රජකම අත්හැරියෙ නැහැ. ඒ කාලෙ හැටියට මුළු ලෝකෙම ගැමුණු කුමරුට විරුද්ධ ව හිටියෙ. එක් පැත්තකින් එළාර, තව පැත්තකින් මල්ලි, ඒ අතර හාමුදුරුවරු. ගැමුණු කුමරු ලෝකෙ ම පැරැද්දුව. රජ කුමරියක් සමග විවාහ නොවීත් රජකම ගත්ත. මල්ලි පැරදිල ගියෙ හාමුදුරුවරු ළඟට. හාමුදුරුවරු කිවුවෙ තිස්සයා ඇඳ උඩ නැහැ කියල. පස්සෙ හාමුදූරුවරු ඇඳ උඩ නැති තිස්ස කර උඩ තියාගෙන මාළිගාවට ගෙනාවා. ගැමුණු කුමරු කිවුවෙ සාමණේරයන් වහන්සේ කිහිප නමක් සමග එවුවා නම් ඇති කියලා.

බැරිවෙලාවත් තිස්ස රජ වුණා නම් මොකද වෙන්නෙ. මා කලිනුත් කියා ඇති එවැනි ප්‍රශ්න අහන එක වැරදියි කියලා. ඒ වුණත් අපි වැරදි වැඩ කරනවා. මා හිතන්නෙ තිස්ස රජ වුණා නම් අප එකල ම භාරතයෙ ජනපදයක් වෙන්න තිබුණා කියලා. අද කියන විධියට නම් ඉන්දියාවෙ කොළනියක්. සාලියට රජකම ලැබුණෙ නැහැ. සාලියට පෙම් කරන්න හැරෙන්න වෙනත් දක්‍ෂකමක් තිබිල නැහැ වගේ. තාත්තල වැඩකාරයන් වුණාට පුතාල නිකම් සෙල්ලක්කාරයන් පමණක් වෙන්න පුළුවන්. සමහර විට ඒ කාලෙ රජකම හිමිවෙන්නෙ පුතාට නොව සොහොයුරාට වෙන්න පුළුවන්. මහානාග සිද්ධියෙනුත් ඒ බව තහවුරු වෙනවා.

ඒ අපේ රටේ. එංගලන්තෙ එඩ්වර්ඩ් රජු සිම්ප්සන් නෝනා වෙනුවෙන් බිරිතානි කිරීටය අත්හැරිය. සිම්ප්සන් නෝන දෙවරක් විවාහ වෙලා තිබුණු කතක්. එඩ්වර්ඩුත් වේල්ස් කුමාර කාලෙ ඉඳන් ප්‍රේමවන්තයෙක්. එඩ්වර්ඩ් රජකම අත්හැරිය ම මල්ලි ජෝර්ජ් රජවුණා. මල්ලිලා බලන් ඉන්නෙ අයියලා රජකම අත්හරින තෙක්. සමහර වෙලාවට රජකම අත්හරින තැනට කටයුතු කරනවා. අයියල මල්ලිල විතරක් නොවෙයි ඔවුන්ගෙ බිසෝලත් මේ පොරයෙ ඉන්නවා. බිසෝ කොටුවට නම ලැබුණෙ බිසෝලගෙන් ද?

දේවානම්පිය තිස්ස රජුගෙ බිසොව තම පුතාට රජකම ලබා දීම සඳහා රජුගෙ සොහොයුරු මහානාග මැරවීමට වස අඹ ඇරපු කතාව මහාවංසයෙ සඳහන් වෙනවා. රජකම පුතාට කලින් සොහොයුරාට හිමිවීම මෙරට රාජ්‍ය සම්ප්‍රදාය වෙන්න ඇති. රජවරුන්ගෙ බිසෝවරුන්ගෙන් මල්ලිල පරෙස්සම් වෙන්න ඕන. පඬි නැට්ටකු අහාවි මේකද සිංහල බෞද්ධ සම්ප්‍රදාය කියල. නැහැ පෞද්ගලික උරුමය බෞද්ධකමේ නැහැ. මෙය රාජ්‍ය උරුමය පිළිබඳ රාජ්‍ය සම්ප්‍රදාය.

ඒත් ඒ සම්ප්‍රදායෙත් බෞද්ධයනට වැදගත් ලක්‍ෂණයක් තියෙනවා. රජු බුදුසසුනෙ ආරක්‍ෂකයා පමණක් නොව දායකයකු ද වෙන්න ඕන. නායක්කාර වාංශිකයන් ද සිංහල රජවරුන් හැටියට බුදුසසුන රකින්න කටයුතු කළා. ඒ විතරක් නොවෙයි ඉංගිරිසින් ද 1815 ගිවිසුමෙන් බුදුසසුන රැකීමට හා පෝෂණය කිරීමට පොරොන්දු වුණා. මේ සියල්ල මට මතක් වුණෙ ඊයේ අනුර උපාසක මහත්තයා අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන් බැහැ දැකීමට ගිය බව ප්‍රවෘත්ති නාට්‍යයෙ දැකලා. ඊට ඉස්සෙල්ලා දැක්කා සිඳු ශක්ති වෙන්න යන බව. ඒකත් හොඳයි. ඒකටත් ඉතිහාසයක් තියෙන බව පැහැදිලියි. මදුනාගෙ වෙදකම සමහර විට කොවිඩ්වලටත් හොඳ ඇති. අපේ ශක්තිය ගැන පඬි නැට්ටන් දන්නේ නැහැ.

අනුර උපාසක මහත්තයා සිංහල බෞද්ධ සංස්කෘතියට ඇවිල්ල. දැන් අර නිරාල මොකද කියන්නෙ. නිරාල කියන්නෙ ඊනියා නිරාගාමිකයන්ට. ඔවුන්ට ආගමක් නැතුව නො වෙයි. ඔවුන් ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියෙ. ඔවුන් දෙවියන් වහන්සේ කෙනෙකු අදහනවා. ඔවුන්ට මුලක් තියෙනවා. ආරම්භයක් තියෙනවා. ඔවුන් තමන් තර්කානුකූලය කියා කියනවා. ඔවුන්ට තේරෙන්නෙ නැහැ තර්කයත් යම් තැනකින් පටන් ගන්නවා කියන එක. ඒ පටන් ගන්න තැන ගැන තියෙන්නෙ විශ්වාසයක්. පුළුවන් ද ඒ පටන් ගන්න තැන ඊනියා තර්කානුකූල ව පෙන්වන්න. ඊනියා තාර්කිකයන් තරම් ක්‍රිස්තියානින් ලෝකයේ තවත් නැහැ. නිරාලගෙ උපකුලකයක් තියෙනවා නෙදර්ලන්තයෙ නිරාගෝලයන්ගෙ.

ඒ කොහොම වෙතත් නිරාල අනුර උපාසක මහත්තයගෙ අටපිරිකර පූජාව අනුමත කරනවා ද? හරිණිත් අනුර උපාසක මහත්තයා එක්ක නුවර යනවා ද? නැත්තන් අනුර උපාසක මහත්තයා රජ සැප පිණිස මතවාදී ව හරිණි අත්හරිණවා ද? එඩ්වර්ඩ් නම් සිම්ප්සන් නෝනා වෙනුවෙන් රජ සැප අත්හැරියා. රජ සැප සඳහා සිංහල බෞද්ධ සංස්කෘතියෙ ඉන්න ඕන. මට අමතක වෙන්න ගියේ. අනුර උපාසක මහත්තයා අර 1987-90 කාලෙ වෙන විධියකට රජ සැප ලබා ගැනීම සඳහා අපවත් කරපු හාමුදුරුවරුන් ගැන මහානායක හාමුදුරුවරුන්ගෙන් සමාව ගත්ත ද? එහෙම නැත්තන් ඒක විජේවීරගෙ වැඩක් අපි ඒව අනුමත කරන්නෙ නැහැ කියනවා ද?

තව ප්‍රශ්න කිහිපයක්. අර ඊනියා චීන අශූති නැව ගැන මොකද කියන්නෙ. දැන් අනුර උපාසක මහත්තයල ඇමරිකන් ද? අර ලංකාවෙ කරපු ඊනියා පරීක්‍ෂණය හරි කියල ද කියන්නෙ. ඒ ඊනියා විද්‍යාඥයන් ලවා චීනයට විරුද්ධව පරීක්‍ෂණයක් කෙරෙවුව ද. අද අපට චීන මිත්‍රත්වය නැති වෙලා. ඒ ඊනියා විද්‍යාඥයන්ගෙ ක්‍ෂූද්‍ර ජීව ගැන පරීක්‍ෂණයක් ඉල්ලමු ද? උපාසක මහත්තයා දැන් රජ සැප සඳහා චීන විරෝධී විදේශ ප්‍රතිපත්තියක ද ඉන්නෙ. අපේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රිස්තියානි වෙලා ද?

මේ අතර හිටපු මහා බැංකු පඬියකු කියා තිබුණ විධියට කල්පනා කළාම පරාක්‍රමබාහ රජ්ජුරුවො පිටින් හාල් ආනයනය කරල ප්‍රතිඅපනයනය කරපු හාල් වෙළෙන්දෙක් කියල කියන්න පුළුවන්. පඬියන් දන්නෙ මුළු මහත් ඉතිහාසය ම ක්‍රිස්තියානි නූතනත්ව වෙළෙඳ ඇහැකින් දකින්න. අනුර උපාසක මහත්තයා ඒ ගැන මොකද කියන්නෙ. උපාසක මහත්තයා දැන් සිංහල බෞද්ධ සංස්කෘතියෙ නිසා අපට දැන ගන්න ඕන එතුමා මේ ප්‍රශ්නවලට දෙන පිළිතුරු මොනවා ද කියා. අපි දැන් අහන්නෙ නැහැ ඔය පිහිටුවන්න ගිය රාජ්‍යය තියෙන්නෙ මොන රටවල ද කියා. ඒව අපි නිරාලගෙන් පමණක් අහනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan