රනිල්ගේ නඩුවෙන් නීති ලොක්කන් දෙදෙනෙක් ඉවත් වෙයි ?

Date:

විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ කටයුතුවලින් ඉවත් වීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනෙකු තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, ඔවුන් දෙදෙනා අදාළ අංශ වෙත මේ බව දැනුම් දී ඇති බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ.

2023 වසරේදී එවකට ජනාධිපතිවරයාව සිටියදී සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් දින එකහමාරක් තුළ රුපියල් ලක්ෂ 169ක මුදලක් අවභාවිතා කළ බවට චෝදනා කරමින් පසුගිය වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කෙරෙනු අතර ඒ මහතාව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත නිදහස් කෙරිණි.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය සඳහන් කර තිබුණේ මෙම සංචාරය එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්යාලයෙන් ලද නිල ආරාධනයකට අනුව සිදුකළ නිල සංචාරයක් බවකි.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා එංගලන්තය බලා ගොස් තිබුණු බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...

ඉන්දියාවේ පළමු AI සායනය: සත්‍ය ලෙස මෙය කුමක්ද? එය රෝගී සත්කාර වැඩිදියුණු කරන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ පළමු...