පාස්කු ප්‍රහාරය : සහරාන්ට ඉහළින් පුද්ගලයෙක් ඉඳලා තියෙනවා. මේ වෙලාවේ හෙළිකරන්න බෑ – ඇමති ආනන්ද

සටහන – රුවන් නෙළුගොල්ල

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කළ ස්වයං ඝාතක කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කළ සහරාන් හෂිම්ට ඉහළින් සිට ඔහුව මෙහෙය වූ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටින බවට තොරතුරු සාක්ෂිවලින් අනාවරණය වී ඇති නමුත් මේ අවස්ථාවේදී ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිදරව් කිරීමට හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

“පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතක කණ්ඩායමේ නායක ලෙසින් කටයුතුකළ සහරාන් හෂිම්ට ඉහළින් සිට ඔහුව මෙහෙය වූ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටින බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒක මේ වෙනකොට ශාක්ෂිවලින් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඒ පිළිබඳ විමර්ශනට කරනවා. ඒ සම්බන්ධයෙන් හෙළිවී ඇති කරණු මේ අවස්ථාවේදී හෙළිකරන් හැකියාවක් නැහැ”

එසේම මෙම ප්‍රහාරය 2017 වසරේ සිට සැලසුම් කළ එකක් යැයි අනාවරණය වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“පාස්කු ඉරුදින ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවන බවත් ඒ 2017 සිට සැලසුම් සහගතව දියත් කරන ලද කුමන්ත්‍රණයක් බවත් මේ වෙනකොට විමර්ශන ආශ්‍රයෙන් හෙළිවෙලා තියෙනවා. මේක කුමන්ත්‍රණයක් මීට 2017 සිට සැලසුම් කරලා. ක්‍රමක්ක්‍රමයෙන් ක්‍රියාත්මක කරලා මේ සිද්ධිය දක්වා ගෙනාපු කුමන්ත්‍රණයක් හැටියට තමා දැනට විමර්ශනවලින් අනාවරණය වෙන්නේ.

2018.11.30 දින වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනය. 2017.12. 22, 23 දින මාවනැල්ල බුදු පිළිමවලට එල්ල වූ ප්‍රහාරය 2019.01.16 දින වනාතවිල්ලුව ප්‍රහසිගත කඳවුරක තිබී සොයාගන්නා ලද ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සමග සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම. 2019.03.10 දින මාවනැල්ල ප්‍රදේශයේ තස්ලීම් නැමැති පුද්ගලයාට වෙඩිතැබීම. 2019.04.16 දින මඩකලපුව කාත්තන්කුඩි පාලමුන ප්‍රදේශයේ යතුරු පැදියක් පුපුරුවා හැරීම 2019.04.21 දින පාස්කු ඉරිදා ප්‍රහාරය. මේ එක ම කණ්ඩායමක එකිනෙකා හා දාමගත වූ සිදුවීම් සිදුවීම් මාලාවක් බව මේක කරනකොට සහ විමර්ශන අංශයෙන් පැහැදිලි වෙනවා”

ආනන්ද විජේපාල අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...