රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW :
මේ දිනවල පින්නවල අලි සංරක්ෂණාගාරය නැරඹීම සඳහා විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
පින්නවල කාර්ය මණ්ඩලය පවසන්නේ, අලි ඇතුන් නැවීම හා එම සතුන්ට පලතුරුවලින් සංග්‍රහ කිරීමට විදෙස් සංචාරකයන් දැඩි කැමැත්තක් දක්වන බවයි.
ආරක්ෂිතව අලි ඇතුන් නැවීමේ අවස්ථාව සංචාරකයන්ට ලබාදී තිබීම විශේෂත්වයකි.
එමගින් ද අමතර ආදායමක් ලබා ගැනීමට හැකිව තිබෙන බවද සඳහන් වේ.
විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් පින්නවල ආශ්‍රිතව ගැවසීම හේතුවෙන් ප්‍රදේශයේ සංචාරක හෝටල් සහ අත්කම් භාණ්ඩ අලෙවි කරන කණ්ඩායම්වලට ද වාසි හිමිවන බවද තොරතුරු වාර්තා වේ.
මේ අතර ගාල්ල උණවටුන වෙරළ තීරය ඇතුලු ස්ථානවලට ද විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙමින් සිටිනවා.



