ඔලිම්පික් නිලවරණයේදි බැඩිමින්ටන් ඡන්දය නැති වෙයිද?

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 09, කොළඹ LNW:

ඔලිම්පික් නිලවරණය සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ ඡන්ද දායකයා ලෙස කටයුතු කළ යුත්තේ රොහාන් ද සිල්වා ලෙස බහුතරය අනුමත කර තිබුණත්,එය අදාළ වගකිව යුතු තැන්වලට දැණුම් දීම බැඩ්මින්ටන් සංගමයේ වත්මන් සභාපතිවරයා විසින් ඉටු කර නැත.මේ තත්ත්වය නිසා ඉදිරියේදී ඡන්ද නිරීක්ෂණ කමිටුවට මේ තොරතුරු දැණුම් දි සභාපතිවරයා ඡන්දය භාවිතා කිරිමට උත්සාහ කළොත් එය වැළක්වීමට ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමයේ විධායක කමිටු සාමාජිකයන් උත්සාහ කරනු ඇත.එවැනි අවස්ථාවක සභාපතිවරයාට පමණක් නොව නිලවරණයේදී බැඩිමින්ටන් සංගමයටම ඡන්දය දැමීමේ ඉඩ ඇහිරෙනු ඇත.

සභාපතිවරයා මේ වන විට බොහෝ නිලතල පිරී නැති සංගමය තුළ හුදෙකලාව කටයුතු කරමින් සිටින අතර මේ මෑත කාලයේ දැඩි උත්සාහයකින් පසුව භාණ්ඩාගාරික තනතුරට අයෙකු පත් කරගෙන ඇති අතර දීර්ඝ කාලයක් සම්මේලනයේ මාසික ගිණුම් වාර්තා ඇත්තේද නිලධාරි තනතුරු හැර යන තත්ත්වයක අනුමත නොවුණු මට්ටමෙන්ය.මේ වන විටත් සභාපතිවරයාට ලේකම් තනතුර සඳහා කෙනෙකු නැති අතර සමහරු තමන්ගේ කිර්තිමත් ඉතිහාසය තනතුරකට පිවිසීම අරඹයා මේ මොහොතේ ඒ වෙනුවෙන් දන් දීමට උත්සාහ කරමින් සිටින බවද කියැවේ.

කෙසේ නමුත් ආසියානු තරගාවලියට යවන කණ්ඩායම කිසිඳු පුහුණුකරුවෙකුගේ සහය නොමැතිව පිටත් කර හැරීමට හේතුව ඉන්දුනීසියානු ජාතිකයෙකු වන ඔහුට අවශ්‍යය පරිදි ශ්‍රී ලංකාවේ රැදී සිටින සිටිය හැකි අවසරය ඇති වීසා ලබා ගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කටයුතු නොකිරීම බව ද වාර්තා වන්නේය.

එසේම ආසියානු සම්මේලනයෙන් ලද මුදලක් සහ ඊට ඒ මුදල මෙන් දෙගුණයක් පමණ එකතු කර රොහාන් ද සිල්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සම්බන්ධයෙන් සිඳු කරන ලද වැඩ දටහනකට ලැබුණු ඇගයීම මේ වන විට අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් දන්නේ රොහාන්ගේ වැඩක් නොව රොශාන්ගේ වැඩක් ලෙස ලැබුණු එකක් හැටියටය.මේ සියල්ල අතරේ අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ද මේ ඇති වී තිබෙන තත්ත්වයන් සහ පරිපාලනයේ පසුබිම, විමසා බලා ක්‍රීඩා අමාත්‍යවරයාට දැණුම් දුන් බවක් පෙනෙන්නේද නැත.

මේ කරුණ නිලවරණයේදී ගැටළුවක් නොවීමටනම් ක්‍රීඩා අමාත්‍යවරයා මේ ප්‍රවෘත්තියෙන් හෝ සොයා බලා තීරණය නොකළහොත් මේ සියලු සිඳුවීම් පස්සේ බැඩිමින්ටන් පරිපාලනයට පමණක් නොව ක්‍රීඩා අමාත්‍යංශයට ද වගකීමක් එකතු වී තිබෙන නිසා,මේ කරුණු වහා මැදිහත්ව පියවා ගැනීම වැදගත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්