කොළඹ LNW:WealthTrust Securities Limited (“WTS”) සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව (IPO) සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, එම සමාගමේ කොටස් අද සිට කොළඹ කොටස් වෙළඳපොළේ දිරි සවි පුවරුවේ “WLTH-N-0000” යන සංකේතය යටතේ ගනුදෙනු කිරීම ආරම්භ වේ.
2025 දෙසැම්බර් 17 වන දින දායකත්වය සඳහා විවෘත කරන ලද මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී, රුපියල් 7.00 බැගින් සාමාන්‍ය ඡන්ද බලය හිමි
කොටස් 71,548,244ක් මහජනයා වෙත ඉදිරිපත් කෙරිණි. රුපියල් මිලියන 500.8ක ප්‍රාග්ධනයක් රැස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ මෙම නිකුතුව කෙරෙහි ආයෝජකයින් දැක්වූයේ දැඩි උනන්දුවකි.
එහි ප්‍රතිඵලයක් ලෙස නිකුතුව විවෘත කර මිනිත්තු කිහිපයක් ඇතුළත සියලුම ආයෝජක කාණ්ඩ යටතේ එය අධි-දායකත්වයක් (Oversubscribed) ලැබූ අතර,සමස්තයක් ලෙස 14.9 ගුණයක ඉහළ ඉල්ලුමක් වාර්තා විය. මේ සඳහා අයදුම්පත් 10,000කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබුණි.
මෙම කොටස් නිකුතුවෙන් රැස්කරගත් අරමුදල් WealthTrust Securities සමාගමේ මූලික ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීම සඳහා යොදා ගැනේ. එමඟින් වෙළඳපොළ සහ පොලී අනුපාත අවදානම් කළමනාකරණය කිරීමේ හැකියාව ඉහළ නංවන අතර රජයේ සුරැකුම්පත් වෙළඳාම් කළඹ (Portfolios) පුළුල් කිරීමටද සහාය වේ. ශ්‍රීලංකා මහ බැංකුව විසින් බලයලත් ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙසත්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍රලාභී කොටස්තැරැව්කරුවෙකු (ණය) සහ කොටස් අලෙවිකරුවෙකු (ණය) ලෙසත්, WealthTrust Securities සමාගම රජයේ සුරැකුම්පත් බෙදා හැරීම සහ වෙළඳපොළ නිර්මාණය කිරීමේදී මෙරට ප්‍රාග්ධන වෙළඳපොළ තුළ ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.
දිරි සවි පුවරුවේ ලැයිස්තුගත වීම WealthTrust Securities සමාගමේ වර්ධන ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, එය ශ්‍රී ලංකාවේ නියාමනය කරන ලද කොටස් වෙළඳපොළ තුළ එම සමාගමේ කොටස් ගනුදෙනු කිරීමට ආයෝජකයින්ට අවස්ථාව සලසා දෙයි.


