නිශ්මං රණසිංහ ජනවාරි 06, කොළඹ LNW:
සුප්‍රීම් චැම්පියන්ස් පාපන්දු ලීග් පාපන්දු තරගාවලියේ මේ දක්වා සහභාගි වූ සෑම තරගයකදීම පරාජය හෝ ගෝල සමවීම වෙනුවට ජයග්‍රහණයම වාර්තා කරන්නට සමත් වූ කණ්ඩායම ලෙස මේ සති අන්තය ගෙවෙන විට ඉතිරිව සිටින්නේ නිව් ස්ටාර් කණ්ඩායමයි.ඒ සහ බී කාණ්ඩ දෙකෙන්ම ඒ ගෞරවයට හිමිකම් කියන එකම කණ්ඩායම වී සිටින නිව් ස්ටාර් කණ්ඩායම මේ සති අන්තයේදී පරාජය කළේ ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමයි.ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම, නිව් ස්ටාර් කණ්ඩායම ඉදිරියේ පරාජය වූයේ ගෝල 6-0 ක් ලෙසයි.

නිව් ස්ටාර් කණ්ඩායමේ ජයග්‍රාහි ගමන් මඟ තුළ මේ තරගාවලියේ ලද දැවන්තම ජය ද ඔවුන් හිමි කර ගෙන සිටින අතර එය ශ්‍රී ලංගම කණ්ඩායමට එරෙහිව ලද ගෝල 8 – 0 ක් වන ජයකි.ක්‍රිස්ටල් කණ්ඩායමට එරෙහිව ලැබූ ජයග්‍රහණයේදී ගෝල දෙකක්ම ලබා ගත්තේ ටෝගෝ ජාතිකයෙකු වන AFFRO TOGNEBLE වන අතර ඔහු ගෝල දෙකක් ලබා ගැනීමට සමත් විය.සති අන්තයේ ඉහළම ජය ලෙස වාර්තා වූ නිව් ස්ටාර් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් මොහොමඩ් තිලාම්,මොහොමඩ් ෆසාල් සහ මොහොමඩ් අතීෆ් ද ගෝල රැස් කරන්නට සමත් වූහ.නිව් ස්ටාර් කණ්ඩායමේ ගෝල හයෙන් එක් ගෝලයක් ඔන් ගෝලයක් ලෙස ක්‍රිස්ටල් කණ්ඩායමෙන් ලැබුණු එකක් වූ අතර එය වැරදීමකින් වාර්තා වූයේ ක්‍රිස්ටල් කණ්ඩායමේ මුහම්මද් ෆාර්වීස් වෙතින් ය.
මේ සතියේ ද විශාල පරාජයකට හිමිකම් කියන්නට ශ්‍රී ලංගම කණ්ඩායමට සිඳු විය.ඔවුන් ගෝල 5-0 ක් ලෙස පරාජයට පත් වුණේ ජාවාලේන් කණ්ඩායම වෙතින්ය.ශාන්ත මේරි කණ්ඩායම ඉදිරියේ මොරගස්මුල්ල කණ්ඩායමට ගෝල 4-0 ක් පරාජයක් අත් විඳින්නට සිඳු විය.මාතර සිටි කණ්ඩායම තියුණු සටනකින් පසුව 2-1 ක් ලෙස සුපර් සන් කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.තරගයේ පළමු අර්ධයේ දී සුපර් සන් කණ්ඩායම 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටියදී,දෙවන භාගයේ දී ජයග්‍රහණය සඳහා පිවිසෙමින් මාතර කණ්ඩායම ගෝල 2 ක් රැස් කිරීම කැපී පෙණින.එසේම නිගම්ඹු යූත් කණ්ඩායම ද ගෝල 1-0 ට සෙරන්ඩිබ් කණ්ඩායම පරාජයට පත් කරන්නට සමත් විය.
එසේම ප්‍රබල කණ්ඩායමක් වූ පොලිස් කණ්ඩායම මීට පෙර මොරගස්මුල්ල කණ්ඩායමට පරාජය වූ ආකාරයෙන්ම මේ සතියේදී පරාජයට පත් වුණේ ෆෙලිකන්ස් කණ්ඩායමට ය.ඒ ගෝල 1-0 ක් ලෙසය.

මෙම සටහනේ දැක්වෙන එක් ඡායාරූපයකින් දැක්වෙන්නේ නිව් ස්ටාර් කණ්ඩායම වෙනුවෙන් ගෝල 2ක් ම රැස් කළ AFFRO TOGNEBLE ගෝලයක් ලබා ගැනීමෙන් ඉනික්බිති සතුට ප්‍රකාශ කරන අයුරුය.එසේම තරගාවලියේ ඒ සහ බී කාණ්ඩවල ජයග්‍රහණ සහ පරාජ සමඟ සකස් වූ ලකුණු සටහන ද ඡායාරූප මොඩලයෙන් සටහනට ඇතුළත් කර ඇත.



