වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

Date:

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද (06) පස්වරුවේ කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

වෙනිසියුලාව රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් එය සංවිධනය කර තිබුණු අතර වෙනිසියුලාවට සහය පළකරමින් පක්ෂ කිහිපයක් ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කර තිබේ.

ජනාධිපති නිකොලස් මධුරෝ සහ ජනාධිපති ආර්යාව සිලියා ෆ්ලෝරස් පැහැරගැනීම ඇතුළුව, වෙනෙසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව එක්සත් ජනපදය විසින් මෑතක දී ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ විසින් ඔවුන්ගේ ගැඹුරු කනස්සල්ල සහ දැඩි විරෝධය ප්‍රකාශ කරන බවයි ඔවුන් දක්වා ඇත්තේ.

මෙම මැදිහත්වීම සඳහා පදනම වශයෙන් ප්‍රකාශිත “මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්” වටා සැකසුනු සාධාරණීකරණය දැඩි ලෙස ප්‍රශ්නසහගත බවත් එය හමුදා ක්‍රියාමාර්ග නීත්‍යානුකූල කිරීම සඳහා සනාථ නොකළ ප්‍රකාශ භාවිතා කළ පෙර අවස්ථාවන්ට – එනම්, ඉරාකයේ සමූලඝාතක ආයුධ ඇති බවට නැගුනු චෝදනාවන්ට; සමානකම් දක්වන බව ද ඔවුන් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ එවැනි තර්ක ප්‍රතික්‍ෂේප කරන අතර එවැනි හේතූන් වෙනත් ජාතියක ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සඳහා ප්‍රමාණවත් පදනමක් ලෙස නොසළකන බව දක්වා ඇත.

ස්වෛරීභාවය, සාමකාමී සහජීවනය සහ බාහිර ආධිපත්‍යයට ප්‍රතිරෝධය දැක්වීම යන කරුණු මත පදනම් වූ නොබැඳි ජාතීන්ගේ අභිමානවත් සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ පවත්වා ගෙන ගොස් ඇත. මෙම මූලධර්මවලට අනුකූලව, මෙම ක්‍රියාවන්ට අප්‍රසාදය පළ කරමින් සහ ගෝලීය බලවතුන්ගේ අනවශ්‍ය බලපෑම්වලින් තොර ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් සඳහා රටේ කැපවීම නැවත තහවුරු කරමින්, පැහැදිලි සහ ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන්ද එම පක්ෂ ඉල්ලා සිටියි.

වෙනිසියුලාවේ ජනතාව සමඟ අපගේ සහයෝගීතාව නැවත අවධාරණය කරන අතර, ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනයට එරෙහිව ක්‍රියා කරන ලෙසත්, සාමය, ස්ථාවරත්වය සහ සියලු ජාතීන්ගේ ස්වෛරී අයිතිවාසිකම් ආරක්‍ෂා කරන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු යනුවෙන් එම ඒකාබද්ධ ප්‍රකාශනයේ තවදුරටත් දක්වා තිබේ.

ඒ අනුව ඊට අත්සන් තබා ඇති පක්ෂ සහ නායකයින් වන්නේ,
මෛත්‍රිපාල සිරිසේන
6 වැනි විධායක ජනාධිපති

දුමින්ද දිසානායක
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය

දයාසිරි ජයසේකර
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය

වජිර අබේවර්ධන
එක්සත් ජාතික පක්‍ෂය

රවුෆ් හකීම්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

විමල් වීරවංශ
ජාතික නිදහස් පෙරමුණ

එස්. හපුආරච්චි
ලංකා සමසමාජ පක්‍ෂය

ජී. වීරසිංහ
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය

වාසුදේව නානායක්කාර
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

අසංක නවරත්න
ශ්‍රී ලංකා මහජන පක්‍ෂය

උදය ගම්මන්පිල
පිවිතුරු හෙළ උරුමය

තිලංග සුමතිපාල
එක්සත් ජනතා නිදහස් සන්ධානය

තිස්ස ජයවර්ධන යාපා
මහජන එක්සත් පෙරමුණ

සුගීෂ්වර බණ්ඩාර
නව ජනතා පෙරමුණ

ප්‍රේමනාත් දොළවත්ත
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

ඒ අනුව මෙම පිරිස් වල සහභාගීත්වයෙන් අද පස්වරුවේ විරෝධතාව පැවැත්විය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...