අනවසර වැලි ගොඩදැමිමක් ඇල්ලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ලොරි රථයකට යට කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 27, කොළඹ LNW :

සමන්තුරේ නෙයිනකාඩු ප්‍රදේශයේදී , අනවසර වැලි ගොඩදැමිමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ලොරි රථයකට යට කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කර තිබෙන බව වාර්තා වේ.

නෙයිනකාඩු ගල්ඔය ගගෙන් අනවසර වැලි ගොඩදැමීම් සිදුවන බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර, ඒ අනුව කළ වැටලීමේ දී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට උත්සහ කර ඇත. එහිදී තම ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය ලොරි රථයට වෙඩි තබා ඇති අතර සැකකරුවන් පලා ගොස් තිබෙන බව වාතා වේ.

පොලිස් නිලධාරීන් කිලෝ මීටර් 15ක් පමණ ඔවුන් හබා ගොස් ඇති අතර එහිදී ලොරි රථයේ රියදුරු පලා ගිය ඇති බව වාර්තා වේ. පොලිස් භාරයට ගත් ලොරි රථය සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණ බව පැවසේ. ගල්ඔය ගඟේ නීති විරෝධි වැලි ගොඩදැමීම් ඉහළ යාම හේතුවෙන් ගං ඉවුරට දැඩි හානි සිදුව ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...