අපරාධ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට !

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සැකකරුවකු අද (06) අලුයම පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ දෙල්වල – පිටකන්ද, උඩකරවිට ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු, පසුගිය දෙසැම්බර් 18 වනදා හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සැකකරුවකු බවයි පොලිසිය පවසන්නේ.

අද අලුයම හංවැල්ල – දිද්දෙණිය, කිඹුල්බෙනය ප්‍රදේශයේදී ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙහෙයුමක් දියත් කර ඇති අතර අත් අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිසියට වෙඩිතබා ඇති බවත් එහිදී පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් සැකකරු තුවාල ලැබූ බවත් පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූ සැකකරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...