අලුත් නමකින් අලුත් ලකුණකින් ඡන්දයට එනවා. විස්තර ලබන සතියේ – විමල් (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය සහ නිදහස ජනතා සභාව ඇතුළු පාර්ශ්ව කිහිපයක එකමුතුවෙන් නව සන්ධානයක් හරහා ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් සන්ධානගත වෙන්න සියලු දෙනා තීරණය කරලා අවසන්ද ?

“දැන් මෙහෙම එකට එයිද එහෙම නැත්නම් ?”

ප්‍රශ්නය – සන්ධානය හදලා ඉවරයි ඒ කියන්නෙ ?

“හැදෙමින් පවතිනවා”

ප්‍රශ්නය – නම ?

“ඒවා අපි ලබන සඳුදා වනවිට ප්‍රකාශයට පත් කරන්නම්”

ප්‍රශ්නය – ඡන්ද ලකුණ අත කියලා සඳහන් වෙනවා. ඒක ඇත්තද ?

“අතවත් කකුලවත් නෙවෙයි. අලුත් නමක්, අලුත් ලකුණක්”

මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් භාවිතා නොකළ ලකුණකින් තම සන්ධානය මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව එහිදී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මෙරට පුළුල්ම ප්‍රගතිශීලී බලවේගය තම පක්ෂ එකතුව බිහිකරන බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...