අද – හෙට – අනිද්දා හවස විනෝදයට රගර්

Date:

නිපොන් පේනට් අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක 2023 අන්තර් ක්‍රීඩා සමාජීය ජාතික රග්බි ලීග් තරගාවලියේ තමන් මුහුණ දෙන සිව්වන තරගයට ඒ ඒ ක්‍රීඩා සමාජ මේ සති අන්තයේදී මුහුණ දෙන්නට නියමිතව සිටිනවා.ඒ අනුව අද,හෙට සහ අනිද්දා දිනවල නිපොන් ලීග් තරගාවලිය කොළඹ,කොළඹ අවට සහ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණවලදි පැවත්වෙන්නට නියමිතයි.
ඒ අතරින් අද ගුවන් හමුදාව සහ පොලීසිය රත්මලානේදී හමුවෙනවා.තරගය ආරම්භ වන්නේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00 ට යි.හෙට පස්වරු 4.00 ට දෙතැනක තරග දෙකක් ආරම්භ වීමට නියමිතයි.යුද හමුදාව සහ හැවිලොක්ස් කණ්ඩායම් හමුවන්නේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී වන අතර සීඑච් ඇන්ඩ් එෆ්සී සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් හමුවන්නේ තුරඟ තරග පිටියේදී යි.
හෙට නාවික හමුදා කණ්ඩායම මහනුවර බලා යන්නට නියමිතයි.ඒ අනිද්දා මහනුවර තිත්තවෙලදී මහනුවර ක්‍රිඩා සමාජයට මුණ ගැසෙන්නටයි.
ඒ අනුව සුපුරුදු පරිදි පස්වරු 4.00 ට මේ ක්‍රීඩා සමාජ යුගලය අනිද්දා නිපොන් පේන්ට් ලීග් සූරතාවලියේ ඔවුන් මුහුණ දෙන සිව්වන තරගයෙයේදී එකිනෙකා හමුවීමට නියමිතයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ඔටුන්න හිමි කුමරුගේ ධවල මන්දිර සංචාරයට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන අවි ගනුදෙනුවකට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදිහි ඔටුන්න...

සාධාරණ ක්‍රීඩා තරුව තේරීම අවසන් තිදෙනා දක්වා කෙටි කෙරේ – තීරණය 29 වන දා

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

මෙහෙමත් රැලි ….

මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම...

තැපෑලට වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18) දින...