නාවික සෙබළු පැරදෙති – සෙබළියෝ දිනති

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 06, කොළඹ (LNW): මේ සති අන්තයේ රගර් පිටියේ ජයග්‍රහණ වාර්තා කිරීමේදී පැවති එකම කාන්තා තරගයේදී නාවික හමුදා කාන්තාවන් ලකුණු 47 – 0 ක් ලෙස සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩිකාවන්ව පරාජය කරමින් ජය ගැනීමට සමත් විය.වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ මේ ක්‍රීඩා සමාජ දෙකේම පිරිමි කණ්ඩායම්වල හමුවීමේදී වාර්තා වුණේ වෙනත් ප්‍රතිපලයක් වූ අතර එහිදී සිආර් ක්‍රීඩකයෝ ලකුණු 57 – 6 ක් ලෙස නාවික හමුදාව පරාජය කළහ.මීට අමතරව සීඑච් සහ එෆ්සී කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර පැවති පළමු පෙළ නිපොන් ලීග් පිරිමි තරගාවලියේ තරගයකදී ද ගුවන් හමුදාවට අත් වූයේ එම තරගවාලිය යටතේ සීආර් කණ්ඩායම ඉදිරියේ නාවික හමුදාවට අත් වූ ඉරණමමය.නමුත් ගුවන් හමුදාව හොඳ තරගයක් ලබා දුන් අතර එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවිණි.ලකුණු 14 – 10 ක් ලෙස සිඑච් ක්‍රීඩකයෝ තරගය ජය ගත්හ.


ඊයේ (ජනවාරි 5) පැවති පොලිසිය සහ යුද හමුදාව අතර තරගයේදී ද යුද හමුදාව පරාජය කරමින් පොලිස් ක්‍රීඩකයෝ ලකුණු 19 – 10 ක් ලෙස යුද හමුදාව පරාජය කරන්නට සමත් වූහ.


නාවික හමුදාව සහ සීආර් අතර පැවති කාන්තා තරගයේදී තරගයදෙී නාවික හමුදාව ලබා ගත් ලකුණු 47 වෙනුවෙන් උත්සාහක දිණුම් තුනක්ම වාර්තා කරන්නට සන්දිකා හේමකුසාරි සමත් වුණා.දිලිනි පොල්තේවගේ උත්සාහක දිණුම් දෙකක් වාර්තා කළ අතර ජයමාලි සමන්තා,ජයන්ති කුමාරි දිල්රුක්ෂි,ශානිකා මධුමාලි සහ වාසනා සංජීවනී එක් උත්සාහක දිණුම බැඟින් වාර්තා කරන්නට දායක වූහ.එක උත්සාහක දිණුමක පමණක් ප්‍රවර්ථනය සාර්ථක කර දෙන්නට නිපුනි වාර්ෂවිතාන සමත් වූවාය.


එම පිරිමි තරගයේ පළමු අර්ධය නිමාවන විට සීආර් කණ්ඩායම ලකුණු 19 – 6ත් ලෙස පෙරමුණේ සිටි අතර දෙවන අර්ධය තුළ නාවික ක්‍රීඩකකයන්ට කිසිඳු අවස්ථාවක් නොදෙමින් ඔව්හූ ලකුණු 38 ක් රැස් කළහ.එම ලකුණු ප්‍රමාණයට ඇතුළත් වූ උත්සාහක දිණුම් ප්‍රමාණය 9ක් විය.රැන්ඩි සිල්වා සහ රිනේෂ් සිල්වා උත්සාහක දිණුම් 2 බැඟින් වාර්තා කරන්නට සමත් වූ අතර ඉරංග ආරියපාල,රන්දුල් සේනානායක,රවීන් ද සිල්වා,සමිත් වර්ණකුලසූරිය සහ ශෙහාන් කැළණියන්ගොඩ එක් උථ්සාහක දිණුම බැඟින් එක කරන්නට සමත් වූහ.තේනුක නානායක්කාර සහ මනිල්ක සුලක්ෂණ රුබේරු උත්සාහක දිණුම් නවයෙන් හයක් දෙදෙනා අතර තුන බැඟින් බෙදී යන ලෙස ප්‍රවර්ථන සාර්ථක කළහ.නාවික හමුදාව වෙනුවෙන් වාර්තා වූ නිදහස් පහර දෙකම ස්ටීවන් සන්සෝනි විසින් වාර්තා කළේය.


ගුවන් හමුදාව සහ සීඑච් අතර හමුවේ පළමු භාගය නිමා වන විට සීඑච් ක්‍රීඩකයෝම ලකුණු 7- 3 ක් ලෙස පෙරමුණ ගත්හ.එම පළමු අර්ධයේ ඉදිරියෙන් සිටීමේ වාසිය නිසා දෙවන අර්ධයේදී ගුවණින් එල්ල වූ ප්‍රහාරය හමුවේ සමස්ත තරගය ජය ගන්නට සීඑච් ක්‍රීඩකයෝ සමත් වූහ.දෙවන අර්ධයේ දෙපිළම ලැබුවේ ලකුණු 7 බැඟින්ය.ලකුණු ලබා ගැනීමේදී උත්සාහක දිණුම් ලෙස වාර්තා වූයේ ප්‍රසාද් මධුශංක සහ දිනේෂ් ලක්ෂාන් සීඑච් වෙනුවෙන් වාර්තා කළ උත්සාහක දිණුම් දෙක පමණි.එම උත්සාහක දිණුම් දෙකේම ප්‍රවර්ථන සාර්ථක කර ගන්නට සීඑච් කණ්ඩායමේ හිරුෂාන් නෙත්මිණ සමත් විය.ගුවන් හමුදාව වෙනුවෙන් ගයන්ත ඉද්දමල්ගොඩ ලබා ගත් නිදහස් පහරට අමතරව ඔවුන්ට ලකුණු එකතු වූයේ සීඑච් කණ්ඩායමේ අවන්ත ලී කරන ලද නීති විරෝධී බලපෑමට එරෙහිව විනිසුරුවරයා නිදහස් උත්සාහක දිණුමක් ගුවන් හමුදාවට පිරිනැමූ බැවින්ය.
පොලිසිය සහ යුද හමුදාව අතර තරගයේ පළමු අර්ධය නිමාවට පත් වුණේ 7 – 5 ක් ලෙස පොලිසිය ඉදිරියෙන් සිටියදීය.දෙවන අර්ධයේදී තවත් ලකුණු 12 ක් එක් කර ගන්නට පොලිසිය සමත් වෙද්දී යුද හමුදාවට හැකි වූයේ දෙවන අර්ධයේදීත් ලකුණු 5 ක් පමණක් රැස් කරන්නටය.


පොලිසිය වෙනුවෙන් හෂාන් ප්‍රනාන්දු,හිරන්ත පෙරේරා සහ ශානක හරිස්චන්ද්‍ර එක් උත්සාහක දිණුම බැඟින් ලබා ගැනීමට සමත් වූ අතර ඉන් දෙක ප්‍රවර්ථන සාර්ථක කර ගන්නට යොහාන් පීරිස්ට හැකි විය.යුද හමුදා ලකුණු පූවරුව 10 දක්වා ඉහළ ගියේ අශාන් බණ්ඩාර සහ ලසන්ත කුමාර එකතු කළ උත්සාහක දිණුම් දෙක නිසාය.
ඡායාරූපයේ දැක්වෙන්නේ පොලිස් කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම අතර තරගයේ අවස්ථා කිහිපයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...