ලායි චිං ටේ කළහකාරී සහ සාමය විනාශ කරන්නකු බව චීන රජයෙන් චෝදනා

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 06 ලෝකය: (අවුට්බවුන්ඩ් ටුඩේ): ජනවාරි 13 වැනිදා පැවැත්වෙන තායිවාන මහමැතිවරණයේ සහ ජනාධිපතිවරණයේ ඉදිරිපෙළ අපේක්ෂකයා වන වත්මන් උප ජනාධිපති ලායි චිං ටේ කළහකාරී සහ සාමය විනාශ කරන්නකු බව චීන රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනය මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති අපේක්ෂක ලායි චිං තායිවානයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය පිළිබඳ ජනාධිපති විවාදයකදී ප්‍රකාශක් ඉදිරිපත් කිරීමෙන් පසුව බව ද සඳහන් වේ..

තායිවානයේ මැතිවරණය පැවැත්වෙන්නේ චීනය සමඟ දේශපාලන ව්‍යාකූලත්වයක් පවතින අවස්ථාවක බැවින් ඒ සඳහා දැඩි ජාත්‍යන්තර අවධානයක් ද යොමු වී ඇතැයි එරට මාධ්‍ය පවසයි.

ලායි චිං ටේ තායිවානයේ වත්මන් පාලක පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන අතර, ඔහු භයානක බෙදුම්වාදියකු බවට ද චීනය හඳුන්වා ඇතැයි තොරතුරු දැක්වේ.

මෙතෙක් එරට පැවැති විවිධ සමීක්ෂණවලදී ජනාධිපතිධුරයට ඔහුගේ පත්වීම සහතික වී ඇති අතර, ඔහු සමඟ සටනට පිවිසී සිටින සෙසු අපේක්ෂකයන් වන හිටපු පොලිස් ප්‍රධානි හූයු යූ සහ හිටපු නගරාධිපති කෝ වෙන් ජී වැඩි ජනප්‍රියත්වයක් ලබා නැති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...