*
Wednesday, January 8, 2025
spot_img

Latest Posts

ඕස්ට්‍රේලියාවට ජය කැඳවන ස්වදේශික වේගය

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 07 ,(LNW)කොළඹ :

වර්ථමාන ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝකය ගැන කතා කරද්දී බොහෝ විට අපට හමුවන්නේ එ‘රටට වෙනත් රටකින් සංක්‍රමණය වූ කෙනෙක් විය ගැනය.නැතිනම් එවැනි සම්භවයකින් පැවත එන්නෙක් ගැනය.පිළිගැනීමට අනුව ඕස්ට්‍රේලියාවේ උරුමක්කාරයන් වන්නේ ඇබෝර්ජින්වරුය.ඔවුන් ගැන ක්‍රීඩා කේෂ්ත්‍රෙය් ඉහළින්ම ඇගයුණු මොහොතක් හැටියට මතකයට එන්නේ 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලය.එහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නායකත්වය ගනිමින් නොනැවතී,මීටර් 400 කාන්තා රන් පදක්කම ද දිනා දුන් කැතී ෆ්‍රීමන් ඇබෝර්ජින්වරියක වූවා ය.


ක්‍රිකට් පිටියේ අවසාන වරට ඇබෝර්ජින් නියෝජනයක් ගැන ඉහළින් කතාබහ කෙරුණේ ජේසන් ගිලෙස්පි සමයේය.දැන් යළිත් එවැන්නෙක් ගැන ඉහළින් කතාබහ කරන්නට වාරය එළැඹ ඇත.ස්කොට් බෝලන්ඩ් නම් වූ මේ ඇබොර්ජින්වරයා ගැන කතා කිරීමේ උවමනාව ලෝකයට දැඩිව දැනෙන්නට ගත්තේ ගෙවුණු ඉන්දීය – ඔස්ට්‍රේලියා තරගාවලියේදී ඔහු පන්දුවෙන් පෑ දස්කම් හේතුවෙන්ය.ඒ දස්කම් නිසාම ඔහු අවසාන තරගයේ දී වීරයා ද විය.
ඔහු ඇබෝර්ජින්වරයෙකු පමණක් නොවේය.ඔහු අබෝර්ජින්වරු අයත් වන තවත් කුලකයක් වන Gulidjan ගෝත්‍රයට අයත් වන්නේය.ඔහු එම ස්වදේශිකත්වය සම්බන්ධයෙන් ආඩම්බරයට පත් වූ අයෙක්ය. ඔහුගේ ස්වදේශික උරුමය වැලඳ ගැනීමට උත්සාහ කරමින් නො‘නැවතී, ස්වදේශික නියෝජිත කණ්ඩායම්වල ක්‍රීඩා කරමින්, ස්වදේශික සම්ප්‍රදායන් පිළිබඳව තවදුරටත් දැනුවත් වීමට මෙන්ම දැනුවත් කිරීමටත් කටයුතු කළ අයෙක්ය.


ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Lake Colac ප්‍රදේශය ආවරණය වන සම්ප්‍රදායික ඉඩම්වලින් සමන්විත ආදිවාසී ඕස්ට්‍රේලියානුවෙක් ලෙස තමන්ගේ අනන්‍යතාවය සඟවා ගන්නේ නැති,සිය ස්වදේශිකත්වය ගැන ආඩම්බර වන පුද්ගලයෙකු වන බෝලන්ඩ් ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට කැඳවන විටත් වයස අවුරුදු 30 ඉක්මවා සිටියේය.දැන් ඔහුට 35 කි.
තවමත් බෝලන්ඩ් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු නොවේය.හිස් තැන් පුරවන්නට පමණක් යොදා ගන්නා නිසා ඔහුට පළමු ටෙස්ට් තරගය නියෝජනය කළ 2021 සිට 2025 දක්වා ක්‍රීඩා කරන්නට ලැබී ඇත්තේ ටෙස්ට් තරග 13 ක් පමණි.ඔහුට එක්දින තරග අවස්ථා ලැබී තිබෙන්නේත්,විස්සයි විස්ස ජාත්‍යන්තර තරග අවස්ථා ලැබී තිබෙන්නෙත් 2016 වසරේදී පමණි.එක්දින තරග 14 ට සහ විස්සයි විස්ස තරග 3 ට පමණක් ක්‍රීඩා කර ඇත.මේ දත්ත ඔහුට කණ්ඩායමේ 11 දෙනා අතරට එන්න තිබෙන දුෂ්කරතාවය පැහැදිළි කර ගන්නට ප්‍රමාණවත්ය.


මේ ඉදහිට ඔහුට ඇරෙන දොර ගැන දැන දැන විඳ විඳ ඔහු කණ්ඩායම සමඟ සංචිතයේ රැඳී සිටින්නටත්,අවස්ථාවක් ලැබුණ මොහොතේදී තමන්ගේ උපරිමය ලබා දෙන්නටත් මහන්සි වන්නේය.එහෙත් ඒ උපරිමය කුමක්ද යන්න ඔහු මේ ඉන්දීය කණ්ඩායමේ සංචාරයේදී හොඳටම පෙන්නුවේය.එයත් ඉන්දීය සංචාරය නිමා කරමින් පැවති සිඩ්නි ටෙස්ට් තරගයේදී මැනවින් විඳහා පෙන්නූ බෝලන්ඩ් ලකුණු 76 ට කඩුලු 10 ක් ලබා ගන්නට සමත් විය.ඒ ඔහු තරගයක කඩුලු 10 ලැබූ පළමු අවස්ථාවය.
එසේම ගවස්කාර් බෝඩර් ටෙස්ට් තරගාවලියේ ද බෝලන්ඩ් ට සියලු තරගවල අවස්ථාව හිමි වුණේ නැත.දෙවන තරගයට බෝලන්ඩ් කැඳ වූ අතර යළිත් තෙවන තරගයේදී ජොස් හසල්වුඩ් ට ඉඩ දී කණ්ඩායමෙන් පිටතට යන්නට සිඳු විය.එහෙත් යළිත් සිව්වන සහ පස්වන ටෙස්ට් තරගවලදී කණ්ඩායමට පැමිණෙන බෝලන්ඩ් තමන්ගේ හැකියාව සහ කණ්ඩායමට කැඳවීම කෙතරම් සාධාරණ ද යන්න මැනවින් පෙන්වා දුන්නේය.
තරග 3 ක් ක්‍රීඩා කළත් බෝලන්ඩ් ඉන්නේ වැඩිම කඩුලු ලාභින් අතර තෙවන තැනය.දවා ගත් කඩුලු ප්‍රමාණය 21 කි.කඩුල්ලකට ලබා ද ඇත්තේ ලකුණු 13.19 ක් පමණි.අවසාන තරගයේ වීරයා ද විය.එහෙත් මේ නොසැලෙන ගති ඇති,ලැබෙන සෑම අවස්ථාවකම ඒ තෝරා ගැනීමට සාධාරණය ඉටු කරන ඕස්ට්‍රේලියානු ස්වදේශිකයාට ඉදිරි තරගයේ දී ද 11 දෙනා අතර ඉන්නට හැකි වේද යන්න දන්නේ එරට තේරීම් කමිටුව සහ පැට් කමින්ස් ය.


කමින්ස් ඊ ළඟට යෙදී ඇති ශ්‍රී ලංකාව සමඟ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට නො‘එන්නේනම් බොහෝ විට නායකත්වය පැවරෙනු ඇති ට්‍රෙවිස් හෙඩ් සහ තේරිම් කමිටුව බෝලන්ඩ් කණ්ඩායම ඇතුළත ඉඩක් දෙනු ඇද්ද යන්න අපි බලා සිටිමු.කෙසේ වුවත් මේ ජවසම්පන්න දේහධාරි ස්වදේශිකයා සිය අනන්‍යතාවය ගැන ආඩම්බර වෙන,තමන් ඇවසි ඕනෑම මොහොතක තමන්ගේ වගකීම රට වෙනුවෙන් කැප කරන්නට සූදානම්ව ඉඳිනු ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan