ඇමති නලින්දගෙන් කතරගම බස්නායක නිළමේට ඇමතුමක් ….

Date:

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා රුහුණු මහා කතරගම දේවාලයෙහි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාට පෙරේදා (ජනවාරි 05) පෙරවරුවේ දුරකථනයෙන් අමතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කතරගම දේවාලයේ පරිත්‍යාගයක් වශයෙන් මොනරාගල රෝහලේ ඉදිකිරීමට නියමිත වාට්ටුව සංකීර්ණය කඩිනමින් ඉදිකර දෙන ලෙස අමාත්‍යවරයා බස්නායක නිළමේවරයාගෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට බස්නායක නිළමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා එකඟ වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එසේම එම දුරකථන සංවාදයේදී පසුගිය දිනක මහරගම අපේක්ෂා රෝහලේ නව ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය විවෘත කරන අවස්ථාවේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකළ ප්‍රකාශය ද සිහිපත් කර ඇති ඩිෂාන් ගුණසේකර මහතා අදාළ ප්‍රකාශය අමාත්‍යවරයා විසින් කතරගම දෙවියන්ට හෝ දේවාලයට අපහාස කිරීමේ චේතනාවක් ඇතිව සිදුකරන ලද්දකැයි තමන් කිසිසේත්ම නොසිතන බවත් පවසා ඇති බව ආරංචිමාර්ග පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම්, නවීකරණය කිරීම්, නව ඉදිකිරීම් යනාදිය ජාතික සැලැස්මකට අනුව සිදුවිය යුතුය යන්නට තමන් ද එකඟ බව පවසා ඇති නිළමේවරයා ඒ අනුව ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ ප්‍රකාශය තමන් ද අනුමත කරන්නේ යැයි පවසා ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන...

Alpha Fire හි නව සභාපතිවරයා ලෙස මේනක අතුකෝරල එක්වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : මේනක අතුකෝරල නව...

LAUGFS Power, Futurity සමඟ අත්වැල් බැඳගනිමින් ප්‍රථම වරට AI-සක්‍රීය වාර්ෂික වාර්තාවක් එළිදක්වයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : විවිධාංගීකරණය වූ LAUGFS...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම පිළිබඳ නඩුව යළි කැඳවීමට දින!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : 2010 වසරේ ජනවාරි...