ගල්කිස්සේ වෙඩිතැබීමක්. දෙදෙනෙකු මරුට !!

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගල්කිස්ස වටරප්පල පාරේදී අද (ජනවාරි 07) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි සුදත් ගෝමස් නමැති 36 හැවිරිදි අයෙකු සහ චානුක විමුක්ති පීරිස් නමැති 20 හැවිරිදි අයෙකි.

ඔවුන් දෙදෙනා නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද අලුයම 04.45 ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එහිදී 36 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයෙහිම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...