ගල්කිස්සේ වෙඩිතැබීමක්. දෙදෙනෙකු මරුට !!

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගල්කිස්ස වටරප්පල පාරේදී අද (ජනවාරි 07) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි සුදත් ගෝමස් නමැති 36 හැවිරිදි අයෙකු සහ චානුක විමුක්ති පීරිස් නමැති 20 හැවිරිදි අයෙකි.

ඔවුන් දෙදෙනා නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද අලුයම 04.45 ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එහිදී 36 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයෙහිම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...