ආනයන තහනම ඉවත් වෙද්දී වාහන මිලට මොනවා වෙයිද ? – මහබැංකු අධිපතිගේ නිර්දේශය මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වාහන ආනයනය කිරීමේදී අනුගමන කළ යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තම නිර්දේශය පිළිබඳ පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සිදු කළේය.

“අපි විශ්ලේෂණයක් කරලා තිබුණා 2024 මැයි – ජුනි මාසයේ ඉඳලා. ඒ වෙලාවේ අවශ්‍යතාවයක් තිබුණා. වාහන අවුරුදු 05ක් තිස්සේ අපි අලුතින් ගෙන්න ඉඩදීලා නැහැ. ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය යහපත් අතට පත්වෙන්න යනකොට රටට අලුතින් වාහන අවශ්‍යයි. මගේ නිර්දේශය තමයි තියෙන වාහන වෙළෙඳපොළේ වටිනාකම ඒ මට්ටමේ තියාගනිමින් වාහනය අලුත් කරන්න ඕනේ නම් අලුත්කරන කෙනා යම් වැඩිපුර මුදලක් ගෙවලා වාහනය අලුත්කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ.”

මීට කලින් තිබුණ විනිමය අනුපාතයයි දැන් තියෙන විනිමය අනුපාතයයි ගත්විට විනිමය අනුපාත සෑහෙන දුරට වෙනස්වීමක් වෙලා තියෙනවා. ඊට අමතරව වැට් එක 18%ක් අලුතින් එකතුවෙලා තියෙනවා. එතකොට ඒ දෙක එකතු වුණාම වෙළෙඳපොළේ අවුරුදු පහක් පරණ වාහනයක් මිලියන 05ක් නම් අලුත් වාහනයක් ගෙන්න ඉඩදුන්නොත් සියලුම පරණ වාහනවල වටිනාකම නැතිවෙලා ගිහිල්ලා අන්තිමට අනවශ්‍ය විදිහට අලුතින් වාහන විශාල ප්‍රමාණයක් මේ රටට ගාල එන්න පටන් ගන්නවා. එහෙම නොවෙන්න මේක බැලන්ස් කරගෙන කරන්න ඕනේ. අත්‍යවශ්‍ය නම් පමණක් වැඩිපුර මුදලක් ගෙවලා වාහනය අලුත් කරන්න අවස්ථාව තියෙන්න ඕනේ”

මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 06) දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...

ඓතිහාසික සභාවක් ලෙස සභාවම එකතුවෙලා නගරය ගොඩනගමු – කොළඹ නව පුරපතිනි

කොළඹ LNW:පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරු 117දෙනාම එකතු වී...