සුපුරුදු IMF කතාවෙන් විපක්ෂ නායක නව වසරේ පාර්ලිමේන්තුවේ වැඩ අල්ලයි!

Date:

කොළඹ LNW: ස්ථාවර රටක් නිර්මාණය වන බවට පාර්ලිමේන්තුවේ මත පළ වන අවස්ථාවේ ජනතාව වත්මන් රජයට විශාල ජන වරම දුන්නේ තිබුණු IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ද කියා ප්‍රශ්න කරන බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණ විශ්ලේෂණයක් හරහා නවIMF එකගතාවකට යන ප්‍රකාශය මහපොළොවට සමතලා කර ජනතාව දුන් ජන වරම පයට පෑගෙන දූවිලි තරම් ගණන් නොගන්නා තත්ත්වයකට පත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (07) නව වසරේ පළමු පාර්ලිමේන්තු දිනයේ දී සභාව අමතමිනි.

මේ තරම් ජනතාවාදී ජනහිතකාමී පොදුජනතාවාදී ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වුවත් වැඩි කළ පොහොර සහනාධාරය තවම ලැබී නොමැති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

දළ වශයෙන් අප රටේ තවමත් අඩකට වැඩි ප්‍රමාණයකට මේ සහනාධාරය ලැබී නැති බවයි ඔහු පැවසුවේ.

ස්ථාවර රටක් නම් 9000 විදුලි බිල 6000 කිරීම 3000 විදුලි බිල 2000 කිරීම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී වැඩකරන ජනතාවගේ අර්ථසාධකයට සිදු කළ බලපෑම හිටපු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය හකුලාගෙන ඔවුන්ට සහන දෙන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර හිමියන්ට අප රටේ ආර්ථික වර්ධනය වැඩි වන විට කප්පාදුවන ණය ප්‍රමාණය අඩු කිරීමේ සහනය ඔවුන්ට ලැබුණත් ඒ සහනය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරපු වැඩ කරන ජනතාවට නොලැබී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

අදටත් පාස්පෝට් හිගයට විසඳුමක් දීමට නොහැකි වී ඇති බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ කාලය නැවත දීර්ඝ කළත් ඔවුන්ට නැවත නැගී සිටීමට ශක්තියක් ලබා දී නොමැති බවත් දරාගත හැකි පිරිවැයකට ප්‍රාග්ධනයට ප්‍රවේශය ලබා දිය යුතු වුවත් ඒ කිසිදු දෙයක් වත්මන් රජයෙන් ද සිදුව නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළේය.

ආණ්ඩුවේ 159 දෙනා හැකි නම් මහපාරට බැස ජනතාවගේ හඬට කන් දෙන ලෙස ඉල්ලා සිටින බවයි ප්‍රේමදාස මහතා කියාසිටියේ.

ධීවර ප්‍රජාව ත්‍රීරෝද රථ රියදුරන්, ස්වයං රැකියාවල නිරතවන අය තෙල් සහනාධාරය අපේක්ෂා කළත් ඒ කිසිවක් සිදුව නොමැති බවත් පාර්ලිමේන්තුව කතා කරන ස්ථාවරත්වය ලබා ගෙන ඇත්තේ කොපමණ මානුෂීය පිරිවැයක් දරා ද කියා සෙවිය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ ඇතිවූ හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් 100දෙනෙකු අතුරුදන්(Video)

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ හිමාල ප්‍රදේශයෙන්...

වෙනස්කම් කරන්න නම් අඩුගාණෙ අවුරුදු 15 – 20ක් බලයේ ඉන්න ඕනා. ඒකට වැඩ කරන්න – චීනයෙන් ටිල්වින් සහෝදරයාට උපදෙස් !

රාජ්‍ය බලය ලබාගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් බලාපොරොත්තු වන...

මැදමුලන හොඳයි විජේරාමෙට වඩා. ආණ්ඩුව මේවා කරන්නේ අපෙන් පළිගන්න – හිටපු ජනාධිපති මහින්ද

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට කටයුතු කරන්නේ...

“සිත් රූ”- 2025 ප්‍රසංගය නැරඹීමට ජනපති අනුර එක්වෙයි

ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට ගෙන ඒම සඳහා...