චීනෙට ලංකාවෙන් කුකුල් මස්!

කොළඹ LNW:චීන රේගු පාලන ආයතනය මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවෙන් කුකුල් මස් චීනයට අපනයනය කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබ්නට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ඒ අනුව එය ක්‍රියාවට නැංවීම සඳහා දෙරට අතර ක්‍රියා පටිපාටිය සම්බන්ධ පරීක්ෂා කිරීම, නිරෝධායනය, සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළත් කර සකස් කරන ලද ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත.

එම ගිවිසුම අත්සන් තැබීම සඳහා කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මිලියන 270ක ව්‍යාපෘතියක්!

කොළඹ LNW:උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්‍ය...

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති...