සහන මල්ල අසහන මල්ලක්. මේ ආණ්ඩුව විවෘත ආර්ථිකය යටතේත් පෝලිම් යුගයක් ඇතිකරලා – සජිත් (VIDEO)

Date:

ආණ්ඩුව විසින් දෙන්නට යන සහන පැකේජය ඇත්ත වශයෙන්ම සහන පැකේජයක් නොව, අසහන පැකේජ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මුදල් අච්චු ගහමින්, උද්ධමනය අහස උසට නංවා ලබාදෙන සහන පැකේජයක ප්‍රතිඵලය කුමක් දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

වර්තමාන ආණ්ඩුව බලය ලබා ගත්තේ රට තුළ විවිධාකාරයේ අර්බුද නිර්මාණය කරමින් බවත් , එහෙම අර්බුද නිර්මාණය කරමින් බලය ලබාගත් ආණ්ඩුවම අද අර්බුදයට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

70-77 මැතිණියගේ යුගයේදී රටේ පෝලිම් යුගයක් තිබූ නමුත්, එදා පෝලිම් යුගයක් පැවතුනේ සංවෘත ආර්ථිකයක් තිබූ රටක් තුළ බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා, විවෘත ආර්ථිකයක් ඇති තත්ත්වයක් තුළ පවා අද පෝලිම් යුගයක් නිර්මාණය වී ඇත්තේ ආණ්ඩුවේ අසාර්ථක අදූරදර්ශී නොහික්මුණු ආර්ථික ක්‍රියා පිළිවෙත නිසා බවත් සඳහන් කළේය.

අද වන විට කැබිනට්වුව පවා ගොනාට අන්දමින් රාජ්‍ය දේපළ කුණුකොල්ලයට විකුණා දමන බව පැවසූ විපක්ෂ නායකවරයා, ආණ්ඩුවේ ප්‍රබලයින් තීන්දු තීරණ ගන්නේ පොදු ජනතාව වෙනුවෙන් නොවන අතර, ඔවුන් තීරණ ගන්නේ ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් බව ද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලය සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුන්දර් පිචායි නිල වශයෙන් බිලියනපතියෙකු බවට පත් වේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගූගල් හිමිකාරීත්වය දරන...

එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අධ්‍යනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන්...

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි...

කොඩි දාන්ට ලයිට් කණු බඩගාන අය හිතන් ඉන්න දේ සහ ඇත්තටම වෙන දේ ….

ඕනෑම දේශපාලන පක්ෂයක කොඩිවැල් අදින්ට ලයිට් කනු දිගේ බඩගාන...