Friday, March 31, 2023
spot_img

Latest Posts

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ව්‍යාපෘතිය සඳහා වසර 50කට IOC සමග ගිවිසුම් අත්සන් කෙරේ

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ස්ථාපිත කෙරෙන නව සමාගම වෙනුවෙන් වන ගිවිසුමට ඊයේ (06) අත්සන් තබා තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල, ඛනිජ තෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ, ඛණිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික මඩිගහේවා යන මහත්වරුන් සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා අත්සන් තබා ඇත.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්බන්ධයෙන් වසර 35කට බලපැවැත්වෙන පරිදි 2003 වසරේදී අත්සන් කෙරුණු ගිවිසුම, මෙම නව ගිවිසුම මගින් අවලංගු කෙරෙන අතර ඉදිරි වසර 50ක කාලයක් සඳහා පහත සඳහන් පරිදි එම තෙල් ටැංකි 99 බෙදී යනු ඇත.

  1. ලංකා IOC සමාගම දැනට භාවිතා කරන තෙල් ටැංකි 14 යි
  2. ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තෙල් ටැංකි 24 යි
  3. ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා IOC සමාගම 51% – 49% කොටස් හිමිවන පරිදි පිහිටවූ ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම තෙල් ටැංකි 61 යි.

මෙම නව ගිවිසුම අනුව තෙල් ටැංකි 99න් 85කම පාලනය ශ්‍රී ලංකාව යටතට ගැනීමට තමන්ට හැකිවූ අතර එය ඓතිහාසික ජයග්‍රහණයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන අතර විපක්ෂය චෝදනා කරන්නේ නුදුරේදීම ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකියාව තිබුණු තෙල් ටැංකි ගම්මන්පිල අමාත්‍යවරයා විසින් නැවතත් වසර 50කට ඉන්දියාවට ලබාදුන් බවටය. එසේම මෙය ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් හැඳින්වුව ද දැනටමත් බොරතෙල් ගෙන්වා ගැනීමට හෝ මුදල් නොමැතිව සිටින ඛනිජ තෙල් සංස්ථාව මීට මුදල් ආයෝජනය කරන්නේ කෙසේදැයි ඉන්දීය මාධ්‍ය ද පසුගිය සතියේ ප්‍රශ්න කර තිබිණි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.