6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් අඩංගු වී තිබු පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ඊයේ (06) දිනයේ දී ඒ සදහා අනුමැතිය ලැබී ඇති බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (07) පාර්ලිමෙන්තුව්දී සඳහන් කළේ.

“සංකල්ප පත්‍රිකාව අධ්‍යයන උපදේශක සභාවේ සාකච්ඡාවට ගත්තා ඒක සියලුම මන්ත්‍රීවරුන්ටත් ලබාදෙන්න අපි වෙබ් අඩවියෙත් දාලා තියෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා අපි පාර්ලිමේන්තුව තුළ කළා. ඕන අවස්ථාවක ඒ සංකල්ප පත්‍රිකාව මත පදනම් කරගෙන අපිට ඒක තව දියුණු කරන්න, සාකච්ඡා කරන්න අපි කිසිසේත්ම විරුද්ධ නෑ. ඒ සංකල්ප පත්‍රිකාවේ මේ මොඩියුලයේ අන්තර්ගතය පිළිබඳව නෑ. සංකල්ප පත්‍රිකාවේ තියෙන්නේ කරන්න යෝජිත ව්‍යුහාත්මක වෙනසේ රාමුව පිළිබඳව. මේ සිද්ධිය වාර්තා වුණු වහාම අපි ඒ පිළිබඳව කරුණු විමසීමේදී විමර්ශනයක් ආරම්භ කරා. ඒ විමර්ශන වාර්තාව අනුව අපි මූලික විමර්ශන සඳහා ඊයේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන පාලක මණ්ඩලය විසින් රංජිත් ආරියරතන හිටපු ලේකම්වරයා පත්කළා මූලික විමර්ශන පවත්වන්න. මේ සිද්ධිය වාර්තා වූ වහාම අපි මේ පොත මුද්‍රා තැබුවා. ඒ පොත ළමයින්ට බෙදලා නෑ. ඒ පොතේ ඒ පාඩම ඉවත්කරන්න ඊයේ අපිට අවසරය දුන්නා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය විසින්.” යනුවෙන් ඇය පැහැදිලි කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...