රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW:
“බස් ලලිත්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන, අත්අඩංගුවේ පසුවන සැකකරු ලලිත් කන්නන්ගරට අයත් යැයි සැක කෙරෙන ගිනි අවි කිහිපයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් හන්වැල්ල, දස වැල්ල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ගිනි අවි සොයාගෙන ඇත.
ගසක කුහරයක් තුළ සඟවා තිබූ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් සහ දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් මෙහිදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
එම දේශීය නිෂ්පාදිත ගිනි අවිය සඳහා භාවිතා කරන උණ්ඩ දෙකක් ද සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත සහ එම කාර්යාංශයේ අධ්යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීම සිදු කෙරිණි.


