දරුවන්ට උදාවූ වසන්තය

0
163

වසර 24ක් පුරා පැවති ගුරු විදුහල්පති වැටුප් විශමතාව රට පාලනය කළ රජයන් රැසක් අපහසුතවයට පත් කළා. එහෙත් ඒ කිසිදු රජයකට වසර 24ක් පුරා පැවති මෙම ගැටලුව විසදා ගැනීමට නොහැකි විය. ගුරුවරුන්ද, විදුහල්පති වරුන්ද ඒ වෙනුවෙන් විවිධ අරගල කලා.

නමුත් , වත්මන් රජය කොරෝනා වසංගතය හමුවේ දැඩි ආර්ථික අර්බුදයක ලක්ව සිටියත් එම ගැටලුව විසදීමට මැදිහත් වූවා සේම එය ඉටුකරන බවට ද අවංක පොරොන්දුවක් ලබා දුන්නා. එම පොරොන්දුව මල් පල ගන්වමින් අද 2022.02.06 දින ඒ වෙනුවෙන් චක්‍රලේඛය නිකුත් කෙරිණි . රජය බාරගත්තේ හිස් භාන්ඩාගාරයකි. සෞභාග්‍යයේ දැක්ම තුළ පොරොන්දු වූ ආකාරයට සියලු ගුරු වරුන්ගේ ජීවිත සතුටින් තැබීමට කටයුතු කර ඇත.

මෙය සෑම අතකින්ම දරුවන් ලබාගත් විශාල ජයග්‍රහණයක් බව කිව යුතුය.රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය නිකුත් කරන ලදී. පසුගිය වසරේ අගෝස්තු 30 වනදා සහ මේ වසරේ ජනවාරි 03 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලට අදාලව ගනු ලැබූ තීරණ වලට අනුකූලව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විශමතාව ඉවත් කිරීමට ජාතික වැටුප් කොමිෂන් සභාව සහ මුදල් අමාත්‍යාංශය එකඟතාව ලැබී ඇත. මේ අනුව සියලු ගුරු වෘත්තීය සමිති සියලු වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඉවත් වී දරුවන්ගේ අධ්‍යාපනය ගුණාත්මක භාවයෙන් යුක්තව ඉටු කිරීමට ගුරු වෘත්තීය සමිති පවසයි .

මෙම සියලු යහපත් ප්‍රතිචාර වෙනුවෙන් රජයට විශේෂ ස්තූතියද ඔවුන් පුදකර සිටී.නැවතත් උත්ඝෝෂණ කරමින් රට කළඹන්නට මාන බලන බන්කොලොත් විපක්ෂය සහ බල ශුන්‍ය දේශපාලන පක්ෂ සඳහා තවත් කතිකාවතක් සඳහා කිසිදු හිඩැසක් නොතබා සියලු ගුරු වැටුප් ප්‍රශ්ණය මෙසේ නිමා කර දැමූ ජනපති ගෝඨාභය සහ වත්මන් මුදල් අමාත්‍යවරයා ඇතුළු එයට දායක වූ සැමට දරුවන්ගේ දෙමාපියන් ලෙස අප හදවතින්ම ස්තූති වෙමු…!!!

“””ගුරු අරගලයෙන් දිනූයේ අන් කිසිවෙකුත් නොව අහිංසක මල් කැකුළුය.””””

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here