චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හෙට දිවයිනට

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී නිළ සංචාරයක් සඳහා හෙට (08) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කිරීමත් සමග චීන විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණෙන බැවින් මෙය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක සංචාරයක් වනු ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.

චීනය මෙන්ම ඉන්දියාවද ශ්‍රී ලංකාව තුළ සිදු කරන මැදිහත්වීම සම්බන්ධයෙන් රටවල් දෙකම දැඩි අවධානයෙන් පසු වේ. මෙරට සිටින චීන තානාපතිවරයා පසුගිය මාසයේදී උතුරු පළාත පුරා සංචාරයක නිරත වූ අතර එම සංචාරය අතරතුර ජනතාවගේ යටිතල පහසුකම් සැපයීමේ ව්‍යාපෘති කිහිපයක්ද ආරම්භ කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW:ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

හින්ද් රජාබ්ගේ ඛේදවාචකය …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාත්‍යන්තර නීතිය සහ...

WNBA Finals හි Atlanta Dream ලැබූ පෙරළිකාර ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : 2026 WNBA අවසන්...

මහ බැංකු අධිපතිගේ විශ්වාසය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : වසර අවසන් වන...