බංකොලොත් නම් මෙහෙම වෙන්නෙ ඇයි?

Date:

අපි දිගින් දිගටම ලිව්වෙ විපක්ෂය කියපු රට බංකොලොත් කියන කාරණේ ගැන ගැඹුරින් විග්‍රහ කරල. අපි ඒ ලිපිවල ලිව්ව රට බංකොලොත් නම් මිනිස්සු හාන්සිවෙන්න ඕනෙ කියල.දැන් අවුරුදු දෙකක් තිස්සෙම ඔය විපක්ෂය බංකොලොත් මන්තරේ මැතිරුවට එහෙම දෙයක් වෙලා නෑ කියල දැන් මිනිස්සු දැනගෙන ඉවරයි. අපි මෙහෙම ලියන්නෙ අපිට ලැබුණු බංකොලොත් මන්තරේ කුඩුවෙච්ච පුවතක් නිසා. ඒතමා රාජ්‍ය සේවයට එක්වූ උපාධිධාරීන් 51,000ක් ස්ථීර කරල වැටුපත් වැඩි කරල කියන පුවත. අපි ඔය බංකොලොත් විපක්ෂයෙන් අහන්නෙ රට බංකොලොත්නම් කොහොමද සේවකයො ස්ථීර කරල වැටුප් වැඩිකරන්නෙ කියන සරල කාරණාව.

දැන් ජනතාව තේරුම් අරන් ඉවරයි විපක්ෂය ගෙනියන්නෙ එදා වේල ගමන්ක් කියල. කිසිම සැලසුමක් නැති විපක්ෂයකට ආණ්ඩුවක් බාර දෙන්න තරම් මිනිස්සුත් මෝඩ නෑ කියල තමා ඔය බංකොලොත් විපක්ෂයට අපිට කියන්න තියෙන්නෙ.

මෙන්න ඒකෙ සවිස්තර වාර්තාවඋපාධිධාරීන්ට රැකියා දීමේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 51,000ක් ස්ථීර පදනමින් සංවර්ධන නිලධාරී තනතුර සඳහා අනුයුක්ත කර තිබේ.ජනවාරි මස 3 වනදා සිට මොවුන් සංවර්ධන නිලධාරී තනතුරට අනුයුක්ත කර තිබේ.ඒ අනුව ස්ථීර පත්වීම් ලබන සංවර්ධන නිලධාරීන් ට රුපියල් 31,490ක මුලික වැටුපක් ගෙවීමට නියමිතය.

කෙටි කාලයක් තුළ රාජ්‍ය සේවයට මෙතරම් නිලධාරීන් පිරිසක් ස්ථිර පදනමින් බඳවාගත් පළමු අවස්ථාව මෙය බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී 05දා පැවසීය .පළාත් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් ‍ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ පුහුණුව සම්පූර්ණ කරන අනුපිළිවෙළ අනුව කොටස් තුනක් යටතේ ස්ථිර පත්වීම් ඔවුන්ට දීමට කටයුතු කළ බවත් ඒ මහතා කියා සිටි‍යේය.

මේ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා”2020 සැප්තැම්බර් මස 02 වැනි දින සිට මේ දක්වා කොටස් තුනක් යටතේ උපාධිධාරීන් 58,145ක් බඳවාගෙන තියෙනවා. ඒ අතරින් උපාධිධාරීන් 53,177ක් පළාත් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පුහුණුව සඳහා වාර්තා කළා. වසරක් ඉකුත් වන විට අභ්‍යාසලාභීන් ලෙස සිටි සංඛ්‍යාව 51,682ක්. අපි රාජ්‍ය සේවය දිවි හිමියෙන් රකිනවා. මමත් හිටපු රාජ්‍ය සේවකයෙක්. රාජ්‍ය සේවය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම අපි කරනවා. පුහුණු කාලය වසරක් සම්පූර්ණ කළාට පසුව අනෙක් අයටත් පත්වීම් ලිපි දෙනවා.”ඉතින් අපිට කියන්න තියෙන්නෙ විපක්ෂය එදාට එදාට ගන්න සිගිති ආතල් ටිකෙන් ටික නැතිවෙලා ගිහින් ලගදිම ඒ ආතල් කුඩුවෙනව කියල තමා.

විපක්ෂයක් වුණාම රටේ බලය ලබාගන්න පැහැදිලි වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්න ඕනෙ. අපේ විපක්ෂයට නැත්තෙත් ඒකම තමා. අපි කොරෝනා හින්ද හොදටම බැටකාපු රටක් කියල අමතක කරන්න හොද නෑ. විපක්ෂය හැමදාම කරේ ඕකම තමා. අපිට මතකයි යුද්දෙ දිනාගෙන එනකොට කකුලෙන් ඇදපු හැටි. ඉතින් විපක්ෂය මොන විදියට උඩපැනගෙන කෑගැහුවට මිනිස්සු රැවටිලා නෑ කියල කැට තියල කියන්න පුළුවන්.එක අතකින් රටේ මිනිස්සුන්ට හිනාවෙන්න විහිළුත් ඕනකරල තියෙන මොහොතක විපක්ෂය විහිළු සපයල ජනතාවට කරන සේවයත් නරකම නෑ කියලත් අපිට හිතෙනව.

යූ.ඩී Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...