*
Friday, March 29, 2024
spot_img

Latest Posts

පෞද්ගලික අංශයටත් 5000 හිමිවිය යුතුයි – කම්කරු ඇමති

රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ලබාදීමට අයවැය සහන දීමනා පනතක් ගෙන එන ලෙස ප්‍රධාන වෘත්තීය සමිති නායකයෝ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලා සිටියහ.

ඒ, අද අමාත්‍යවරයා සහ වෘත්තීය සමිති නායකයින් අතර පැවති සාකච්ජාවේදී ය.

රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ජාව කැඳවා තිබුණේ.

මෙම සාකච්ජාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පැවසුවේ රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට කම්කරු අමාත්‍යවරයා කඩිනම් පියවර ගැනීම පිළිබඳ ස්තූතිය පුද කර අතර නමුත් මෙම දීමනාව පිළිබඳ ක්‍රියාත්මක වීමේ දි පවතින ත්‍රෛපාර්ශවීය සුහදතාවය රැක ගැනීමට ද අවධානය යොමු කළ යුතු බවත් මෙම දීමනාව දීමට හාම්පුතුන් එකඟ නොවන්නේ නම් පනතක් ගෙනවිත් හෝ මෙම දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදෙන ලෙසයි.

ගෝලීය අර්බුදය හමුවේ අපි ඉතාම සද්භාවයෙන් යුතුව කෝවිඩ් සමයේ කටයුතු කළ ද හාම්පුතුන් එසේ සද්භාවයෙන් කටයුතු නොකර වැඩකරන ජනතාවට පිටිපස්සෙන් පිහියෙන් ඇන්න බව ඇන්ටන් මාකස් මහතා මෙහිදී චෝදනා කරන ලදී. වගකිවයුතු පෞද්ගලික අංශයක් ලෙස මේ රටේ ආර්ථිකය ජයග්‍රහණය කර ගැනීමට නම් ඇමතිතුමා ගෙන එන රුපියල් 5000 දීමනාව ලබාදීමේ මෙම යෝජනාවට අනිවාර්යෙන්ම ඔවුන් සිය සහයෝගය ලබා දිය යුතු බවත්, විරුද්ධ නොවිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙම රුපියල් පන්දහසේ දීමනාව වතු කම්කරු ජනතාවට ද ඔවුන්ගේ දෛනික වැටුපට එකතු කර ලබා දෙන ලෙසයි මෙම සාකච්ජාවට එක්ව සිටි ලංකා ජාතික වතු කම්කරු සංගමයේ එස්.පී.විජයකුමාර් මහතා ප්‍රකාශ කළේ. ජාතික සේවක සංගමයේ සුරංග නාවුලගේ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ, පොදුවේ මේ රටේ සමස්ත ජනතාවම බරපතලආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේදී රජයේ සේවකයන්ට පමණක් මෙම දීමනාව ලබාදීම අසාධාරණ නිසා පෞද්ගලික අංශයේ සියලු දෙනාට ද එය ලබාදීමට කම්කරු අමාත්‍යවරයාට මැදිහත් වන ලෙසයි.

මෙහි දී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ, වෘත්තීය සමිති නායකයන් ඉදිරිපත් කළ යෝජනා තමන් ඉදිරියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවයි. මේ රටේ වැඩකරන පන්තියේ බහුතර ජනතාවක් සිටින පෞද්ගලික අංශයට මෙම පන්දාහේ දීමනාව ලබා දිය යුතු බව තමාගේ පෞද්ගලික මතය බව ද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව තමන් ලබන සතියේ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් සමග සහ වතු සමාගම් ප්‍රධානින් සමඟ සමඟ ද සාකච්ඡා කරන බවත් එම සියලු අදහස් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම වෘත්තීය සමිති නියෝජිත රැස්වීමට ලීනස් ජයතිලක, පාලිත අතුකෝරල, එස්.පි.නාදන්, එස්. රාජමනි යන අය ද කම්කරු අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ, කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන අයද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan