ධනුෂ්ක – කුසල් – දික්වැල්ල තුන්කට්ටුවගේ තරග තහනම ඉවත් කරයි

Date:

විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත තරග තහනමක් පනවා තිබූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ එම තරග තහනම ඉවත් කර තිබෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල යන තිදෙනාට යළිත් ජාතික සංචිතයේ දොරගුළු විවෘත වනු ඇත.

ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසන්නේ ඉදිරියේදී පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගිවීමට ඔවුන් තිදෙනාට අවස්ථාව හිමිවන බවයි. එම පරීක්ෂණයෙන් සමත් වුවහොත් ජනවාරි 14 වැනිදා ආරම්භ වන සිම්බාබ්වේ කණ්ඩායම සමග එක්දින තරගාවලිය සඳහා සහභාගිවීමේ අවස්ථාවද ඔවුන්ට හිමිවන බවයි ලේකම්වරයා පවසන්නේ.

පසුගිය ජුනි මාසයේදී ක්‍රියාත්මක වූ එංගලන්ත තරග සංචාරය අතරතුර ජෛව සංචාරක බුබුලෙන් මිදී විනය විරෝධී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල විය. එම චෝදනා සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයේදී වැරදිකරුවන් වූ ඔවුන් තිදෙනාට තරග තහනමක් හා දඩ මුදලක්ද පැනවිණි.

මේ වනවිට අදාල දඩ මුදලද ගෙවා අවසන් කර ඇති බවයි මොහාන් ද සිල්වා මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...