බලය නැතිව කරන වැඩ දෙස බලා බලය ඇතිව කරන වැඩ ගැන හිතන්න – විපක්ෂ නායක සජිත්

Date:

කිසිදු බලයක් නැතිව රටට අගයක් එකතු කරමින් මෙතරම් සේවාවක් ඉටුකරන විපක්ෂයේ සමගි ජන බලවේගයට බලයත් ලැබුණා නම් කෙතරම් සේවයක් සිදු කරයිදැයි කල්පනා කර බලන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

සමගි ජන බලවේගය පිහිටුවන ආණ්ඩුව දූෂණයෙන් වංචාවෙන් තොර බවත්,වැඩ කිරීම සහ රට ගොඩනැගීම එහි ඒකායන අරමුණ බවත් පැවසූ විපක්ෂ නායකවරයා එහි මහජන නියෝජිතයින්ට කොන්ත්‍රාත් ලබා ගැනීමේ අවස්ථාවක් නැතැයිද පැවසීය.

මේ මොහොතේ මැතිවරණයේ පවත්වීමට මුදල් නැතැයි කියන ආණ්ඩුව, මන්ත්‍රීවරුන්ට වන්දි ලබාදීමට මුදල් වෙන් කරන බව ද ඒ මහතා පෙන්වා දුන්නේ‍ය.

රටේ නීතිය කියන්නේ මැතිවරණයක් පැවැත්විය යුතු බව වුවත් ආණ්ඩුව කියන්නේ මැතිවරණයක් නොපවත්වන බවත් යැයි පැවසූ විපක්ෂ නායකවරයා මේ අන්තනෝමතික ක්‍රියාවලිය වහා වෙනස් කළ යුතු යැයි පැවසීය.

තමන් පාසැල් වලට බස් රථ ලබා දීම විවේචනය කරන්නේ මහ පොළවේ ජීවත්වන කොටසක් නොවන බවත්, ඔවුන්ගේ ආකල්ප ඇත්තේ අහසෙහි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රාජාංගනයේ ගිරිබාව පාසල පමණක් පසුගිය වර්ෂයේ ප්‍රවාහන වියදම් වෙනුවෙන් දහනව ලක්ෂ විසිදාහක් වියදම් දරා ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒවා අහිංසක දෙමාපියන්ගේ මුදල් බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ රාජාංගනය,ගිරිබාව පැරකුම්පුර ජාතික පාසලට සක්වල ව්‍යාපෘතියට සමගාමීව 61වන බස්රථය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්. බස් රථයේ වටිනාකම ලක්ෂ පනහකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මං හිතන්නෙ එතුමාට උසාවි යන්න නම් බැරිවෙයි – රනිල් බලන්න ගිය මරික්කාර් කියපු කතාව

සටහන - රුවන් නෙළුගොල්ල රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය අනුව...

අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර DIG රක්ෂිත බන්ධනාගාරයට

සටහන - රුවන් නෙළුගොල්ල නිධන් හෑරීමට ආධාර අනුබල දීමේ චෝදනාවක්...

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...