වාමාංශික සන්ධානයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයට

මෙවර පළාත් පාලන මැතිවරණයට වාමාංශික සන්ධානයක් ලෙස තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා පැවසුවේ, මේ වනවිට ප්‍රධානපෙළේ පක්ෂ 6 ක් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

පුළුල් ජාතික පෙරමුණක් යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කරන බව උත්තර ලංකා සභාගය පවසයි.

එහි ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක් සමග මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවය.

රෂිකා හෙන්නායක