සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 07 කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ සිම්මබාබ්වේ කණ්ඩායම් අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු එක්දින තරගයේදී කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වගකීම් සහගත පිතිකරණයක නියැලි උප නායක චරිත් අසලංක සැළසුම් සහගත වූ වේගවත් ලකුණු 101 න් ලබමින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව පන්දු ඕවර් 50 නිමාවන විට කඩුලු 9 ට ලකුණු 273 ක් දක්වා ඉහළට ඔසවා තබන්නට දායක විය.පන්දු 95 න් හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් සමඟ ගලා ආ එම ලකුණු 101 නිමා වුණේ දුවද්දී දැවී යාමකින්ය.ලකුණු 111 ට කඩුලු 3 ක් දැව තිබියදී පිටියට පිවිසි චරිත් ලකුණු 269 දී නවවන කඩුලුල ලෙස දැවී යන තෙක් ඉණිම කඩා වැටෙන්නට නොදී මුර කිරීම වඩාත් වැදගත් විය.එහෙත් වර්ෂාවට එරෙහිව කිසිවක් කරන්නට කිසිවෙකුට නොහැකි වූ නිසා අවසානයේ තරගය තීරණයක් නොමැතිව අවසන් වූ තරගයක් ලෙස සිම්බාබ්වේ – ශ්‍රි ලංකා එක්දින තරග ඉතිහාසයට එක් විය.
නායක කුසල් මෙණ්ඩිස් ද හොඳ ඉණිමක් ගොඩ නඟන්නට උත්සාහ කළ ද,ලකුණු 46 දී දුවද්දී දැවී ගිය අතර ඔහුද ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස ලකුණු 125 ක් වන තෙක් පිටියේ රැදී සිටීම වැදගත් විය.සදීර සමරවික්‍රමගෙන් වේගවත් ලකුණු 41 ක් එකතු වූ අතර ජනිත් ලියනගේ සිය ආරම්භක තරගයේදීම නොසැළකිළිමත් පහරකින් ලකුණු 24 ට කඩුල්ල පූජා කළේ පන්දු ප්‍රමාණය සහ ලකුණු ප්‍රමාණය අතර පරතරය විසින් ඔහුට දනවන ලද පීඩනය නිසා විය යුතුය.පිළිගත් පිතිකරුවන් ලෙස කණ්ඩායමට වගකිම් සහගත දායකත්වයක් ලබා දෙමින් චරිත් අසලංකට සහයෝගය දිමට කිසිවෙක් ඉතිරි නොවුණු අතර පසුපෙළ පිතිකරුවන්ව සඟවා ගනිමින් සහ ඔවුන්ගෙන් ගත හැකි සහයෝගය යම් තරමකට ලබමින් චරිත් ට සිට ඉණිම ඉදිරියට ගෙන යන්නට සිඳු විය.එම වෘත්තීමය ස්වභාවය පෙන්නුම් කළ ඉණිම සිම්බාබ්වේ කණ්ඩායමේ පීඩනයෙන් මිදී යළි පීඩනය ඔවුන් වෙත හරවා යැවීමට සමත් වු අතර ඒ නිසාම ලකුණු 273 ක ඉලක්කය පසුපසස ගිය සිම්බාබ්වේ කණ්ඩායමට තරගය අතහැර දමන විට කඩුලු 2 ට ලකුණු 12 ක් ලෙස දැක්විණ.
සිම්බාබ්වේ පන්දු යවන්නන් අතරින් තරගය ආරම්භයේදීම ශ්‍රී ලංකාව වෙත පීඩනය මුදා හරිමින් කළකට පසුව ජාතික කණ්ඩායමට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු පළමු ඕවරයේදීම ගොදුරු කර ගැනීමට රිචඩ් එන්ගරාවා ට හැකි විය.ඔහු එතෙකින් නොනැවතී දෙවන කඩුල්ල ලෙස හොඳින් පන්දුව දකිමින් සිටි සදීර සමරවික්‍රම ද දවා ගැනීමට සමත් විය.ඉතිරි වේග පන්දු යවන්නන් දෙදෙනා වූ බ්ලේසින්ග් මුෂරබානි සහ ෆාරාස් අක්‍රම් මුලදි යම් ප්‍රහාරයකට ලත් වුව ද,පසුව සිය පන්දු ඕවර් 10 සැළකිය යුත් දක්ෂතාවයක් සහිතව නිමාවට පත් කළේ කඩුලු දෙක බැඟින් දවා ගනිමින්ය.
සිම්බාබ්වේ පන්දු යවන්නන් අතරින් දඟ පන්දු යැවීමේ කාරණය සඳහා වගකීම පැවරුණු සිකන්දර් රාසා ලකුනු 41 ට කඩුල්ලක් දවා ගත් අතර ටපිවා මුෆඩ්සා කඩුලු දවා ගැනීමට නොහැකි වුව ද,සිය පන්දු ඕවර් 10 ලකුණු 37 ට නිමා කරමින් කැපී පෙණින.
තරගය නවතන විට සැවී ගිය කඩුලු දෙකම කිසිඳු ලකුණක් නොදී සිය කඩුලු පැසට පුරවා ගන්නට ඩිල්ෂාන් මධුශංක සමත් වි තිබිණ.දුෂ්මන්ත චමීර ද සිය පන්දු ඕවර් 2 සඳහා ලබා දුන්නේ ලකුණු 3 කි.පාදයේ වැදි ගිය සහ කඩුලු රකින්නාට රැක ගැනීමට අපොහොසත් වීමෙන් ඒ වන විට එක් වි තිබූ ලකුණු ප්‍රමාණය 9 ක් විය.
තරගයේ ලකුණු සටහකට පහතින් පිවිසෙන්නට හැකිය.
https://www.espncricinfo.com/series/zimbabwe-in-sri-lanka-2023-24-1412536/sri-lanka-vs-zimbabwe-1st-odi-1412539/full-scorecard
