යාවත්කාලීන කරන පරිසර පනත ඉදිරි මාස දෙක තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සැලසුම්!

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ජනවාරි 07,
මහනුවර (LNW):පරිසර පනත යාවත්කාලීන කොට ඉදිරි මාස දෙක තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

පරිසර නීතිය බලාත්මක කිරීමේ අරමුණුන් පවතින අඩු ලුහුඬුකම් නිරාකරණය කිරීම සඳහා එම පනත යාවත්කාලීන කරන බව අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේය.
උදාවූ නව වර්ෂයේ මහනුවර සම්බන්ධීකරණ කාර්යාලයේ රාජකාරී ආරම්භ කිරීම පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) ආරම්භ වූ අතර එහිදී පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව කීවේය.
ආගමිකවතාවත් සඳහා මුල් තැන ලබාදෙමින් කාර්යාලයේ රාජකාරී ආරම්භ කිරීම සිදුවිය.

පරිසර පනත මෙන්ම පරිසරය හා සම්බන්ධ තවත් පනත් කිහිපයක් කාලීන වශයෙන් බලාත්මක විය යුතු යැයි එහිදී කී අමාත්‍යවරයා පරිසරය ආරක්ෂා කර ගැනීම කෙරෙහි කලාපීය වශයෙන් අවධානය යොමුවී ඇතැයි සඳහන් කළේය.
දේශගුණික විපර්යාස හේතුවෙන් විවිධ පාරිසරික ගැටලු මතුවී ඇති නමුත් ඒ සියල්ල නිරාකරණය කර ගැනීම සඳහා පවතින අණ පනත් යාවත්කාලීන විය යුතු යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ලෝකය මුහුණ දෙන ගැටලු අතරින් පරිසරය විෂය අද වන විට දෙවැනි වන්නේ මුදල් හා භූගෝලීය දේශපාලනය යන විෂයට පමණක් යැයි ද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ වූ අතර එම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගස්තැන්න, මිනිපේ ප්‍රාදේශීය ලේකම් නුවන් සී. හේමකුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...