සුරාබදු කොමසාරිස් ජනරාල්ට උසාවියට අපහාස කිරීමේ නඩුවක් වැටෙයිද ? – මත්පැන් බලපත්‍රධාරීන්ගෙන් ලිපියක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මත්පැන් බලපත්‍ර අලුත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිෂ්කාශනය ලබාදීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණ නියෝගයක් තිබියදීත් නිලධාරීන් ඒ අනුව කටයුතු නොකිරීම හේතුවෙන් ඇතැම් මත්පැන් බලපත්‍රධාරීන්ගේ බලපත්‍ර 2025 ජනවාරි 31 වනදා දක්වා පමණක් අලුත් කර ඇති අතර මෙය තමන්ගේ වරදක් හේතුවෙන් සිදුවූවක් නොවන නිසා වසරේ ඉදිරි කාලයට බලපත්‍ර අලුත් කිරීමේදී මුද්දර ගාස්තු අයකිරීමක් සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් 2025 ජනවාරි 15 වනදාට පෙර සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකතුව හෝ සුරාබදු ආඥා පනත යටතේ සාදන ලද රීතීන්ට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව පියවර නොගන්නේ නම් අධිකරණ නියෝගය ප්‍රකාරව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ ගරු අධිකරණයෙහි නඩුවක් ගොනු කිරීමට සිදුවන බවයි එම සංගමය වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකරන ලද ලිපිය පහතින් දැක්වේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...