පන්දුවෙන් හොඳම දේ දුවිදුගෙන් – පිත්තෙන් හොඳම දේ පසිඳුගෙන් – සතියේ පූර්ණ ජයග්‍රහණ තුනක් පමණයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 08 ,(LNW)කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවනු ලබන තෙදික අන්තර් සමාජ ප්‍රධාන කිකට් තරගාවලියේ දී මෙම සතියේ පැවති තරග අතරෙන් තීරණයක් සහිතව නිමාවට පත් වුණේ තරග තුනක් පමණයි.එහිදී බීආර්සී කණ්ඩායමට එරෙහිව එන්සීසී කණ්ඩායම ඉණිමකින් සහ ලකුණු 81 න් ජය ගන්නට සමත් වුණා.අනෙක් ජයග්‍රහණය වාර්තා කළේ පානදුර ක්‍රීඩා සමාජයයි.ඔවුන් බදුරලිය කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක් ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් වුණා.ඒස් කැපිටල් කණ්ඩායම රාගම ක්‍රීඩා සමාජය ලකුණු 116 කින් පරාජය කරමින් ජය වාර්තා කළා.


ඉකුත් සතියේදී වාර්තා වූ හොඳම ඉණිම වාර්තා කරන්නට සමත් වුණේ පසිඳු සූරියබණිඩාර යි.ඔහු ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව මුවර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 200 ක් වාර්තා කරන්නට සමත් වුණා.පසිඳුගේ ලකුණු 200 ත් සමඟ එම සතියේ පළමු පෙළ තෙදින තරගාවලියේදී පිතිකරුවන් ශතක 8 ක් වාර්තා වුණා.


පහත දැක්වෙන්නේ එම ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ ක්‍රීඩා සමාජ සමඟ කුමන ක්‍රීඩා සමාජයකට එරෙහිව ලකුණු රැස් කළේ ද යන්නයි.
එන්සීසී – ලහිරු උදාර 142 – බීආර්සී ට එරෙහිව
ඒස් කැපිටල් – පවන්ත වීරසිංහ 118 – රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව
නුගේගොඩ ක්‍රීඩා සමාජය – කෙවින් පෙරේරා 116 – එස්එස්සී කණ්ඩායමට එරෙහිව
කුරුණෑගල – සමීර සඳමාල් 116 – කැණ්ඩි කණ්ඩායමට එරෙහිව
කෝල්ට්ස් – කවිශ්ක මංජුල 110 – බ්ලූම්පීල්ඩ් කණ්ඩායමට එරෙහිව
කුරුණෑගල – දිල්හාර පොල්ගම්පොල 109 – කැණ්ඩා කණ්ඩායමට එරෙහිව
එන්සීසී 105 – අහාන් වික්‍රමසිංහ 105 – බීආර්සී ට එරෙහිව
මේ අතර පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් අවශ්‍යයම මොහොතේ ඔෂධ ප්‍රනාන්දු,එම කණ්ඩායමට ජය ගෙන දෙමින් වාර්තා කළ ලකුණු 99 ද ශතකයක් තරම්ම වැදගත් විය.


පන්දු යැවීමේදී ඉණිමක මෙන්ම තරගයකද දුවිදු තිලකරත්නගේ දස්කම් ඉදිරියෙන් සිටියා.දුවිදු පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව චිලව් මේරියන්ස් කණ්ඩායමට වෙනුවෙන් ලකුණු 66 ට කඩුලු 6 ක් දවා ගත්තා.දුවිදු එම තරගයේදීම මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් දෙවන ඉණිමේද ලකුණු 35 ට 4 ක් ගැනීමට සමත් වුණා.සතියේ තරගයක කඩුලු 10 ඉක්මවා ගිය එකම පන්දු යවන්නා වූයේ ද දුවිඳුයි.


එම පන්දු යැවීම් සහිත ඉණිම දෙක හැරුණු විට සතියේ ඉණිමක කඩුලු 5 ඉක්මවා ලබා ගත් පන්දු යවන්නන් වීමට පහත නම් සඳහන් ක්‍රීඩකයින්ට හැකි වෙනවා.
පොලිස් ක්‍රීඩා සමාජය – දිලුම් සදීර 21/6 -චිලව් මේරියන්ස් කණ්ඩායමට එරෙහිව
පානදුර ක්‍රීඩා සමාජය – දුෂාන් හේමන්ත 51/6 – බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව
කෝල්ට්ස් ක්‍රීඩා සමාජය – අකිල ධනංජය 77/6 – බ්ලූමිෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව
බදුරලිය ක්‍රීඩා සමාජය – චානක කොමසාරු 86/6 – පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව
නුගේගොඩ ක්‍රීඩා සමාජය – මධුක ලියනපතිරනගේ 89/6 – එස්එස්සී ක්‍රීඩා සමාජයට එරෙහිව
මුවර්ස් ක්‍රීඩා සමාජය – රුමේෂ් මෙණ්ඩිස් 106/6 – ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව
එන්සීසී ක්‍රීඩා සමාජය – අශේන් ඩැනියල් 36/5 – බීආර්සී ක්‍රීඩා සමාජයට එරෙහිව
එස්එස්සී ක්‍රීඩා සමාජය – දසුන් ශානක 48/5 – නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව
එස් කැපිටල් ක්‍රීඩා සමාජය – නිම්සර අතරගල්ල 57/5 – රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව
කුරුණෑගල ක්‍රීඩා සමාජය – ලහිරු ජයරත්න 73/5 – මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව
පොලිස් ක්‍රීඩා සමාජය – නලීන් ප්‍රියදර්ශන 109/5 – චිලව් මේරියනස් ක්‍රීඩා සමාජයට එරෙහිව
ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය – තරිඳු රත්නායක 188/5 – මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කබ්රාල්ට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුව:අල්ලස් කොමිසමෙන් ගැලවීමක් ඇත්තේම නැද්ද?

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...