*
Thursday, January 9, 2025
spot_img

Latest Posts

නවසීලන්තය ඉදිරියේ අඛණ්ඩ පරාජයෙන් ගැලවෙන්නට ශ්‍රී ලංකාවට නොහැකි වෙයි

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 08 ,(LNW)කොළඹ :

82/83 3-0
90/91 3-0
94/95 2-1
96/97 1-1
00/01 *4-1
04/05 1-0
05/06 4-1
06/07 2-2
14/15 4-2
15/16 3-1
18/19 3-0
22/23 2-0
24/25 2-…..

ඉහත දැක්වෙන්නේ 1983 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේදී එක්දින තරගවලදී නවසීලන්තයට මුහණ දීමේදී අත්පත් කරගත් ප්‍රතිපලයය.එහිදී * දක්වා ඇත්තේ 2000/2001 වසරේ ශ්‍රී ලංකාව ජයගත් එකම තරගාවලියය.දෙවතාවකදී ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.මෙවර මේ වන විටත් පරාජය වී ඇති නිසා එක්දින තරගාවලියේ සූරතාවය නවසීලන්තය සතුව ඇත.

මේ පරාජය පෙර පරාජයන් සමඟ පාහා සාධාරණය කරන්නට යාම ඉහත දත්ත උපුටා දැක්වීමේ අරමුණ නොවේය.නමුත් මේ පරාජය පිටුපස ඇති වී තිබෙන ප්‍රසිද්ධ විවේචනවලට අනුව ශ්‍රී ලංකාවේ තරග ජයග්‍රහණ සඳහා නිසි ප්‍රමිතිය නැති,වාසිදායක තණනිලි සැකසීම වැනි චෝදනා ඉස්මතු කර පෙන්වද්දී,ඊට පෙර ද මෙවැනි තත්ත්වයක් තිබී ඇති බව සිහිපත් කිරීම වටින්නේය.

අප යෝජනා කරන්නේ කුමන තත්ත්වයක ඉතිහාසයක් වුව වෙනස් කළ හැකි කණ්ඩායමක් රටට අවශ්‍යය බවය.ස්වදේශික පිටියේදී ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම්,විදේශීය තරගවලදී අසාර්ථකවීමට හේතුව කවරක්ද යන්න විමසා බැලීම තව දුරටත් වලංගු වෙනු විනා,ඉතිහාසයේ දක්ෂ කණ්ඩායම් නවසීලන්තයේදී ලද ජයග්‍රහණ හැල්ලු කිරීමක් හෝ බාල්දු කිරීමක් මේ තරගාවලි පරාජයේදී සිඳු වි නැත.

ඉතිහාසය වෙනස් කළ හැකි කණ්ඩායමක් නිර්මාණය කිරීම සඳහා එම තරගාවලිවලට පෙර,කල් තබා කණ්ඩායම් විදේශගත කිරීම කාලයක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සිඳු කළ ද,එම කාරණය සාර්ථක ප්‍රතිපල අත් කරගෙන නැත.ඒ සඳහා එම විදේශගතවීම සමඟ වැඩ සැළසුම් කරන ආකාරයේ වෙනසක් කළ යුතුව ඇති බව මෙම පරාජයන් විසින් ඒත්තු ගන්වයි.වැඩ පිළිවෙලට අලුතින් ඇතුළත් කළ යුතු කාරණා සාකච්ඡාවට ගන්නා අතරේම අප නිරන්තරයෙන් යෝජනා කරන පරිදි මානසික අභිප්‍රේරකයෙකුට ඇති ඉඩ ද තව දුරටත් තහවුරු වී පෙනේ.

තරගාවලය පරාජය වූ බව සහතික දෙවන තරගයේදී ශ්‍රි ලංකාව අනාගතය වෙනුවෙන් මේ තරගාවලියට කළ ආයෝජන නරක නැත.විශේෂයෙන් තරගයේ අවසාන පන්දු ඕවරයට පෙර ඩැරල් මිචෙල් වැනි පිතිකරුවෙකුගේ පිත්ත පරදවමින් උපායශීලී ලෙස පන්දු යැවූ ඒෂාන් මාලිංග පෙන් වූ හැකියාව අවධානයට ගැනීම වටින්නේය.එසේම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට කැඳවා ඇති චමිඳු වික්‍රමසිංහ තව දුරටත් තමන් ගැනම අවධානය යොමු කරමින් ක්‍රීඩා කිරීමට අවශ්‍යය පව දැකිය හැකිය.

දෙවන තරගය නිමාවේ නවසීලන්තය ඉදිරියේ ලද පරාජයට අදාළ ලකුණු පූවරුව ගැන දස්කම් ගැන වචන වැය නොකර ලකුණු පූවරුව පමණක් මෙහි යොදමි.
https://es.pn/4h2KvSQ

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan