තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

0
530

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW :

වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් ලෙස ලබාගත් හේතුව මතයි. එම ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

අල්ලස් කොමිසම පැවසුවේ, රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම තාක්‍ෂණික නිලධාරියා අත්අඩංගුවට ගත් බවයි.

අනුමත කර ගැනීම සදහා ඉදිරිපත් කරන ලද ගොඩනැගිලි සැලැස්මේ අඩුපාඩු පෙන්වා එම අඩුපාඩු නොසලකා සැලැස්ම අනුමත කරදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට අදාළ නිලධාරියා විසින් පැමිණිලිකරුගෙන් එම මුදල ලබාගෙන තිබෙන බව වාර්තා වේ.