දිට්වා ආපදාවෙන් හානියට පත් නිවාස වෙනුවෙන් නව නිවාස ලැබෙන හැටි මෙන්න!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් නිවා නැවත ලබා දීමේ වැඩපිළිවෙල ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැහැදිලි කිරීමක් කර තිබේ.

ඒ, දස වැනි පාර්ලිමේන්තුවේ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඊයේ (07) පැවති දෙවැනි රැස්වීමේදීය.

ඒ අනුව අදියර කිහිපයක් යටතේ එය සිදුවෙයි.

හානියට පත් නිවාස නැවත ලබා දීමේ වැඩපිළිවෙල යටතේ පුර්ණ නිවාස හානි, අර්ධ නිවාස හානි සිදුව ඇතත් එම භූමියේ නැවත පදිංචි වීම නුසුදුසු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රකාශ කර ඇති සහ නිවසට හානියක් නොවුණද අදාළ භූමියේ නැවත පදිංචි වීම නුසුදුසු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හදුනා ගෙන තිබෙන යන මූලික ප්‍රධාන අදියර තුන යටතේ නිවාස ලබා දීම සිදුවෙයි.

මෙහිදී ඉඩමක් ඇති අය සඳහා නිවස ඉදිකරගැනීම වෙනුවෙන් ලක්ෂ 50ක් අදියර තුනකින් ලබා දෙන අතර එය ලක්ෂ 20,ලක්ෂ 15 සහ ලක්ෂ 15 ලෙස ලබා දීමට නියමිතය. එම වැඩසටහනට අදාළව හෙට (09) කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් නිවාස ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කෙරන බව ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම නිවසක් මිලදී ගැනීමේ හැකියාව ඇති අයටද ලක්ෂ 50ක මුදල ලබා දිය හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර නිවසක මිලදී ගැනීමේ හැකියාවක් නොමැති අය සඳහා රජයේ ඉඩමක ලක්ෂ 50ක වටිනාකම සහිත නිවසක් ඉදිකර දීම හෝ නිවාස ඉදිකරගැනීම වෙනුවෙන් ලක්ෂ 50ක් මුදල දීමට සැලසුම කර ඇත.

මෙහිදී තට්ටු නිවාස හෝ ස්කීම් ක්‍රමයට නිවාස සෑදීමට සිදුවුවහොත් ආපදාවට පත් අයට රු. ලක්ෂ 50ක වටිනාකමකින් යුත් නිවසක රජය විසින් ඉදිකර දීමට යෝජිතය.

එමෙන්ම නිවාස අර්ධ හානි වන්දි ලබා දීමේදී තක්සේරුවකින් තොරව රු ලක්ෂ 5ක් ලබා දීමට තීරණය කර තිබේ. එම රු. ලක්ෂ 5ද අදියර දෙකකට යටත් වා අතර එය ලක්ෂ 3 සහ 2 ලෙස දක්වා ඇත. එහිදී කෙනෙක් තමන්ගේ නිවසේ හානිය ලක්ෂ 5කට වැඩි යනුවෙන් හිතන්නේ නම් රජයේ මැදිහත්වීමෙන් හානි තක්සේරු කර උපරිමය ලක්ෂ 25 දක්වා වන්දි ලබා දීමටද රජය කටයුතු සැලසුම් කර තිබේ.

මෙහිදී අනවසර හා තාවකාලික ඉදිකිරිම් සඳහා උක්ත යෝජනා ක්‍රියාත්මක නොවන බවත් ඔවුන්ගේ ජීවිත වඩා යහපත් කරගැනීම වෙනුවෙන් වෙනම වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇති අතර එම හානි නැවත ප්‍රතිසංස්කරණය කිරීමක් පමණක් සිදුවන බවද ජනාධිපතිවරයා අවධාරණය කරන ලදී.

ආපදාවට පත් වූවන් කඩිනමින් යළි පදිංචි කිරීමේ කටයුතු සිදුකළ යුතුව ඇති අතර එහිදී දීර්ඝ කාලයක් කඳවුරු ශාලා තුළ හෝ පාසල්, පන්සල් ගොඩනැගිලි තුළ සිටිය නොහැකි හෙයින් රජය විසින් නිවාස ඉදිකර දිය යුතු පිරිස් වෙත රජයේ ගොඩනැගිලි තුළ පවුල් ලෙස සිටිය හැකි ආකාරයට සකස් කිරීම ගැනද අවධානය යොමුව ඇත.

ඒ අනුව පුර්ණ හානි, අර්ධ හානි, ඇතුළු සමස්ත ආපදා හේතුවෙන් නව නිවාස අවශ්‍යතාව 20,000ත් 35,000ත් අතර ප්‍රමාණයකට ගොණුව සකස් වනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...