සටහන – රුවන් නෙළුගොල්ල
තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට යාම සම්බන්ධයෙන් තමන් ඉතාම සතුටට පත්වන බවත් මෙය විවාදයට ගත්විට තමන්ටත් පිළිතුරු දීමට අවස්ථාවක් හිමිවන බවත් කථානායක ජගත් වික්රමරත්න මහතා පවසයි.
ප්රශ්නය – ඔබතුමාට විරුද්ධවත් විශ්වාසභංගයක් ගේන්න ගියා. තවම ඒකට වෙච්ච දෙයක් නෑ වගේ. මොකක්ද වෙලා තියෙන්නෙ ?
“ඒක මං හිතන්නේ විශ්වාසභංගය සම්බන්ධයෙන් මම ඉතාම සතුටු වෙනවා එහෙම කතිකාවතක් පාර්ලිමේන්තුවේ කතා වෙනවා නම්. එතකොට අපිට කතා කරන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා කථානායක විදියටත්, මේ සියලුම සිදුවීම් ජාලාවන් ජනතාවට හෙළිදරව් වීමක් සිදුවෙනවා. මම බොහෝම බලාපොරොත්තුවෙන් ඉන්නවා, නමුත් ඉතින් මම හිතන්නෙ ඒකෙ තාක්ෂණික ගැටලු ටිකක් තමයි තියෙන්නෙ. මං හිතන්නෙ විපක්ෂය විසින් ඒ ගේන අය නැවතත් ඉතාම පිළිවෙලට ස්ථාවර නියෝග සහ නීතිවලට අනුකූලව ඒ තියෙන දේවල් ඉෂ්ට සිද්ධ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම බොහොමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඒවගේ දෙයක් තුළ අපට අවස්ථාවක් හම්බවෙනවා ජනතාවට කතා කරන්න, පාර්ලිමේන්තුවේ කතා කරන්න තැනක් හම්බවෙනවා. ඒ ගැන මම බොහෝම සතුටෙන් තමයි ඉන්නේ”
ප්රශ්නය – ඇයි ඔබතුමා මේ වගේ දේකදී මෙහෙම මතයක ඉන්නේ ?
“මෙහෙමයි, ඔබට පේනවා ඇති සමාජ මාධ්ය සහ සමහර මාධ්ය යැයි කියාගන්නා අය දේශපාලනික වශයෙන් සහ වෙනත් තමන්ගේ පටු අවශ්යතා මත වැඩකටයුතු කරනවා. ඉතින් ඒ තුළින්ම අපි කියනවා ළබැඳියන්ගේ සබැඳියාව – කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට් – ඒවා තියෙනවා. ඉතින් ඒවාට අපි උත්තර දෙද්දී තමන්ගේ අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කරගන්න තමයි ඒ කට්ටිය කටයුතු කරන්නෙ. ඉතින් ඒ ගැන කතිකාවතක් ඇතිවෙන එක හොඳයි කියලා මම විශ්වාස කරනවා”
ප්රශ්නය – ඒ කියන්නෙ විශ්වාසභංග මොන වෙලාවේ ගෙනාවත් ප්රශ්නයක් නෑ ?
“අපි බොහොම … මම නම් පෞද්ගලිකව බොහොම කැමැත්තෙන් ඉන්නෙ ගේනවාට. මොකද ඒකට කතා කරන්න ඉඩක් අපිට අවස්ථාවක් හම්බවෙනවා. විශ්වාසභංගය ගෙනාපු දාට ඇත්තටම මේ මේ රටේ ජනතාවට දැනගන්න ලැබෙයි. මම ඉතාම සතුටින් ඉන්නෙ. ඒක ගෙනල්ලා කතිකාවට භාජනය වෙන දවස ගැන මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ ඒක එන්නේ කවද්ද කියලා. ඒ තරමට මම ආසාවෙන් ඉන්නේ. මොකද උත්තර හොඳටම තියෙනවා, අපිට සියලු දේවල් මේ රටේ ජනතාවට හෙළිකරන්න පුළුවන් වෙනවා. සත්යය කියන එක ටිකක් කටුකයි සහ අමාරුයිනෙ හොයාගන්න. ඒ වගේම බොරුව කියන එක ඉතින් සෝඩා බෝතලේ කැඩුවා වගේ තමා, බොරුව කියන එක ඉතාම කෙටි කාලයකට රජ වෙනවා, නමුත් සත්යය කියන එක වහන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ. අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් බොහොම සතුටින් බලන් ඉන්නවා මොකද වෙන්නෙ කියලා”
කථානායක ජගත් වික්රමරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී මාධ්ය වෙත අදහස් දක්වමිනි.


