සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් ඇමරිකාවට අලෙවි කිරීමට එකඟ වී ඇති බව වාර්තා වේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය Truth Social ගිණුමේ සටහනක් එක් කරමින් මේ බව සඳහන් කර තිබු අතර ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ප්‍රතිලාභ ලැබෙන බලශක්ති සබඳතා සඳහා විවෘත බවත්, තෙල් අලෙවි කර ලැබෙන ආදායම අමෙරිකාව විසින් පාලනය කරනු ඇති බවත්, වෙනිසියුලාවේ අනාගත බොරතෙල් නිෂ්පාදනයේ සියලුම විකුණුම් කළමනාකරණය කරන බවත් ලොව පුරා රටේ ඛනිජ තෙල් විකිණීම අධීක්ෂණය කරන බවත්ය.
මෙම සැලැස්ම ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලෙස බලශක්ති අමාත්‍ය ක්‍රිස් රයිට්ට උපදෙස් ලබාදී ඇති අතර,බොර තෙල් බැරල් ගබඩා නෞකා මඟින් සෘජුවම අමෙරිකා එක්සත් ජනපදයේ බහාලුම් වරායන් වෙත ගෙන ඒමට නියමිතය. පසුගියදා සිදුවූ වෙනිසියුලාවට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරය දකුණු ඇමරිකාවේ අතිවිශාල ඛනිජ සම්පත්වල දිශාව මේවන විට තීරණය කරමින් ඇත.

