පාන් කියාගන්නත් බැරිවෙන ලකුණු : ඉදිරියේදී පාන් හිඟයක් අනිවාර්යයයි – බේකරි හිමියන් අනතුරු හඟවයි

රටේ පවතින ඩොලර් හිඟය අනුව ඉදිරියේදී අනිවාර්යයෙන්ම විශාල පාන් හිඟයක් ඇතිවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

“ඉදිරියේදී අනිවාර්යයෙන්ම විශාල පාන් හිඟයක් ඇතිවෙන්න පුළුවන්. අපි ඊයේ දිනයේදී පිටි සමාගම් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ඒගොල්ලො කියන්නෙ අපට ඕනෙ තරම් පිටි දෙන්න පුළුවන්, ප්‍රශ්නෙ තියෙන්නෙ ඩොලර්වල, ඒගොල්ලොන්ට අවශ්‍ය ඩොලර්වලින් 10% යිලු ලැබෙන්නෙ. ඉතින් මොකද කරන්නෙ කියලා ඒ මිනිස්සු අහනවා. පෝලිමේ ගිහිල්ලාවත් පාන් ගෙඩියක් ගන්න බැරි තත්වයකට සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කියන්න කණගාටුයි රුපියල් 5000 ට වඩා අඩුවෙන් තිබිච්ච පිටි මිටියක් ඊයෙ වෙනකොට 7500 ට මිල ගිහිල්ලා තියෙනවා”

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වනවිට වෙළඳපොලේ තිරිඟු පිටි හිඟයක් පවතින බවයි වෙළඳසැල් හිමියන් සහ ආපනශාලා හිමියන් ද පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...