වසීම් එකට

Date:

ගෙවුණු 2021 වසරේ දකුණු ආසියාතික කළාපයේ පාපන්දු ක්‍රීඩකයින් අතරින් ජාත්‍යන්තර පාපන්දු තරගවලදී වැඩිම ගෝල් ගණනක් ලබා ගත් පාපන්දු ක්‍රීඩකයා බවට වසීම් රසීක් පත් වී ඇත.ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉකුත් වස​රේ අන්තර්ජාතික තරග පිටියේ ලබා ගෙන ඇති ගෝල ප්‍රමානය නවයකි.

එම ලේඛණයේ දෙවන තැන ඉන්දියාවේ සුනිල් චෙට්රි ට හිමි වී ඇත.ඔහු රැස් කරගෙන ඇති ගෝල් ප්‍රමානය අටකි.ගෝල් පහක් ලබා ගෙන ඇති නේපාලයේ අන්ජාන් බිස්ටා එම ලේඛණයේ තෙවැන්නාව සිටින්නේය.
ශ්‍රී ලංකාව ඉකුත් වසරේ මැද භාගය වන විට ද ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පහළම ස්ථානයේ රැඳෙමින් 206 වන ස්ථානයේ රැදී සිටිය අතර නමුත් මේ වසර නිම වන විට යම් සුළු ප්‍රගතියක් පෙන්නුම් කරමින් 204 වන ස්ථානයට පත්ව සිටියි.ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල සාමාන්‍යයෙන් ලබා ඇති ස්ථාන සළකද්දී 166 වන ස්ථානය සාමාන්‍ය තත්ත්වය වන අතර 1998 දී ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ප්‍රගතිය පෙන්වමින් 122 වන ස්ථානයට පිවිස තිබෙනු දැකිය හැකිය.


වසීම්ගේ දක්ෂතා මෙන්ම අනෙකුත් ක්‍රීඩකයන් පෙන් වූ දක්ෂතා ද මේ වසරේත් සුරක්ෂිතව ඉදිරියට රැඟෙන යන්නට අවස්ථාව ශ්‍රී ලංකාවට හැකි වන්නේනම් මේ වසරේ ශ්‍රී ලාංකේය පාපන්දුවට තව දුරටත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට අවස්ථාව ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...