ඒ දවස්වල හිතවතෙක් කිව්වා හොරු නැති ආණ්ඩු හදන්න බෑ, හොරුත් එක්ක ආණ්ඩුවක් හදන්න කියලා – මෛත්‍රී (VIDEO)

Date:

රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළයුතු බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා යළි අවධාරණය කරයි.

“කී දෙනෙකුට වෙඩි වැදුණත් පහුගිය කාලෙ. හිර ගෙවල්වලින් ඇවිල්ලා අරගෙන යනවා … මේ ආණ්ඩුව ඇවිල්ලා ඉස්සෙල්ලාම ආණ්ඩුවෙ තුවක්කු පත්තු කළේ හිරගෙදර හිරකාරයින්ට. ජාත්‍යන්තර සහයෝගය නැත්තෙ ඔන්න ඕවා හින්දා තමයි. අවුරුදු ගණං අහපු නඩු නිදොස්කොට නිදහස් කරනකොට කොහොමද ජාත්‍යන්තර සහයෝගය එන්නෙ ? 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නෙ රාජාණ්ඩුවක රජෙකුට තියෙන බලතලවලටත් වඩා බලතල තියෙන පනතක්. ඒකනෙ කිව්වෙ මහරජාණෝ කියලා. ඔටුන්න රජුගේ රට වැසියන්ගේ කියලා සින්දුවක් තියෙනවා නේද ? නමුත් ඔටුන්න වටින්නේ රට වැසියො ඔටුන්න පිළිගත්තොත්.

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළයුතුයි, ඒකයි මං කියන්නෙ 20 අහෝසි කරන්න ඕනෙ. ජනාධිපතිවරයාගේ බලතල අඩුකරපුවාම 19න් අගමැතිට බලය වැඩිවුණා, කොහෙවත් ඉන්න කථානායකත් රටේ විධායකයෙක් බවට පත්වුණා. ඒ දවස්වල මගේ හිටපු හිතවතෙක් කිව්වා හොරු නැති ආණ්ඩු හදන්න බෑ සර්, හොරුත් එක්ක ආණ්ඩුවක් හදන්න කියලා. හොරුත් එක්ක ආණ්ඩුවක් හදලා හොරුන්ට විරුද්ධව කටයුතු කරන්න කියලා. එහෙම ක්‍රමයක් මට කිව්වා, මං කිව්වා ඒකත් ඇත්ත තමයි කියලා.

හොරකම් කළත් මොකද හොඳයිනෙ එයා කියලා … හොරකම් කළත් ඒගොල්ලො හොඳයි කිව්වා.

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝධ ශක්තියක් නැවතත් ගොඩනඟනවා. වාම, ප්‍රගතිශීලී, මානවවාදී, ප්‍රජාතන්ත්‍රවාදී පිරිස් ඒකරාශී වෙච්ච ආණ්ඩුවක් තමා ඉදිරියේදී හදන්න බලාපොරොත්තු වෙන්නෙ”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (07) නාරම්මල ප්‍රදේශයේ පැවති ශ්‍රීලනිප රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ Youtube ක්‍රියාකරුවකුට දවල් තරු පේන වැඩක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ඉකුත් දා...

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...