ටිකිරා පදනමෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

ජීවිතයෙන් සමුගත් ප්‍රවීණ සිනමාවේදී බැප්ටිස්ට් ප්‍රනාන්දු මහතාගේ මුණුපුරෙක් වන හිටපු මලල ක්‍රීඩකයෙක් මෙන්ම මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් ද වන රවීන් ප්‍රනාන්දු මහතා මූලිකත්වය දරණ “ටිකිරා පදනම” කොළඹ ප්‍රදේශයේ දරුවන් 200 ට පමණ පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයක් පසුගියදා සංවිධානය කර තිබිණි.

පාසල් පොත් සහ උපකරණ බෙදා දුන් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලිලන්ත පෙරේරා මහතා සහ බැප්ටිස්ට් ප්‍රනාන්දු මහතාගෙ පුත් ශම්මි ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

එහිදී අදහස් දැක් වූ රවීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙවැනි සමාජ සත්කාර රැසක් ඉදිරියේදී ටිකිරා පදනම හරහා ක්‍රියා කිරීමට නියමිත බවය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...