මෛත්‍රී කියන්නේ පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින චරිතයක්.දැන් වීරයෙක් වෙන්න හදනවා! (VIDEO)

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යනු පිටිපස්සේ සිට පිහියෙන් අනින චරිතයක් වන අතර දැන් ඔහු වීරයෙක් වීමට උත්සහ කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

ඊළඟ ආණ්ඩුව බලය ගැනීමේ සිහිනයෙන් කතා කරන්නේ හරියට නින්දෙන් අවදි වූ පරිද්දෙන් බව යැයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.

වංචාව,දුෂණය නතර කිරීමට, හොරු එළවීමට රටේ ජනතාව ජන්දය දුන් බව දැන් මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතක වී ඇති බව හෙතෙම සඳහන් කරයි.

රාජපක්ෂවරු පන්නා දැමීමට කටයුතු කිරීම වෙනුවට ඔහුගේ දේශපාලන දිගුව වෙනුවෙන් රාජපක්ෂවරුන්ගේ සහය ලබාගැනීම හේතුවෙන් අද වන විට යළිත් රාජපක්ෂවරු බලයට පැමිණ තිබෙන හෙයින් එයට වගකිව යුතු වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි විජේසිරි මන්ත්‍රීවරයා පවසන්නේ.

”වර්තමාන පාලනය රට තුළ නිර්මාණය වීමට එක් කාරණයක් තමයි ජාතිවාදය,අන්තවාදය,බෝම්බ පිපිරීම යන සැකය. එයම පමණක් නොවෙයි මේ ආණ්ඩුව නිර්මාණය වෙන්න ප්‍රධාන වෙච්ච හේතුව තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ දේශපාලන ගමනේ දිගුව නිර්මාණය කිරීම සඳහා රාජපක්ෂවරුත් එක්ක ඩීල් එකක් දැම්මා. ඒ ඩීල් එකේ ප්‍රතිඵලය තමයි අද වර්තමානයේ ක්‍රියාත්මක වුණේ. මෛත්‍රීපාල මහත්තයා තමයි මහින්ද මහත්තයා හොඳයි කියල අගමැති කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කල්ලිය ඇමති මණ්ඩලයට පත්කළේ.ලැජ්ජා නැතුව දැන් කියනවා අපේ කට තියෙනවා සැරයි කියල. සැර තිබුණා නම් කට තිබුණා නම් කොරන්න තිබුණානේ. එහෙම කළා නම් අද මහින්ද මහත්තයලා,බැසිල් මහත්තයලා මේ රට හොර කයිද?”යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...