පොළේ ගිහින් ගෙදර යන්න වුණු සුසිල් ජනපතිට උත්තර දෙයි! (VIDEO)

Date:

රාජ්‍ය අමාත්‍යධූරයෙන් තමන්ව ඉවත් කිරීම ගැන කිසිම පසුතැවීමක් නොමැති අතර තමන් ගැන දැනගැනීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගෙන් විමසා බලන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (08) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 123 වැනි ජන්ම දින සැමරුමට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුව සිටිමින් ආණ්ඩුව විවේචනය කරන ලද තවත් ඇමතිවරු සිටියදී සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමතිවරයා පමණක් ඉවත් කිරීමට ජනාධිපතිවරාය ගෙන තිබුණු තීන්දුව ගැනද මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වන නිසා එවැනි දේ සිදුවනවා විය හැකි බවයි.

මන්ත්‍රීධූරයට තව කොපමණ කල් තිබේවිද යන්න නොදන්නා නමුත් ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් දේශපාලනය කරන බවද හෙතෙම කියා සිටියේය.

මේ අතර නව දේශපාලන සංස්කෘතියකට ජනතාව අනිවාර්යයෙන් පෙළ ගැසෙන බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...