*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධ ප්‍රකාශය

වසර 2022 ජනවාරි මස 07 වැනි ශනි දින පෙරවරු 9.00 පැය- කොළඹ, ශ්‍රී ලංකාව
දැනටමත් නාම යෝජනා භාරගැනීම ආශ්‍රිත දින වකවානු ප්‍රකාශයට පත්කොට ඇති පරිදි, යෝජිත පළාත් පාලන ජන්ද විමසීම ඉතා නුදුරු දිනෙකදී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනිමින් සිටී. එනමුත් කවරාකාරයෙන් හෝ එම  ජන්ද විමසීම තවදුරටත් කල් දැමීම සඳහා විවිධ වගකිවයුතු පාර්ශව උපායඋපක්‍රම අත්හදා බලමින් සිටීම නිසා මැතිවරණය නිශ්චිතව ම පැවැත්වේදැයි  යන්න පිළිබඳව ඇත්තේ ද යම් අවිනිශ්චිත බවකි.

ඊට අමතර වශයෙන් පළාත් පාලන ජන්ද විමසීම කල් දැමීම සඳහා මෙරටේ ක්‍රියාත්මක මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉල්ලීම් ඉදිරිපත් කොට ඇතැයි යනුවෙන් වන  මතයක් ද නිර්මාණය කිරීම සඳහා යම්  පිරිසක් වෙහෙසෙන බව පෙනී යයි. එකී කරුණ පිළිබඳව මැතිවරණ නිරික්ෂණ සංවිධාන දක්වන පොදු අදහස මෙම ප්‍රකාශය මඟින් එළිදැක්වේ.

ශ්‍රී ලංකාව නියම කලට පිළිගත් ක්‍රියා පරිපාටීන් හා අනුගත මැතිවරණ පැවැත්වීම අභියස විශිෂ්ඨ වාර්තාවක් තබා ඇති රාජ්‍යයකි. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පැවැත්ම තීරණය වන්නේ නිසිකලට පවත්වන අව්‍යාජ මැතිවරණ ඔස්සේය. එබැවින් මෙරටේ ක්‍රියාකාරී කිසිදු මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක්, කිසිදු විටෙක, කිසිදු මැතිවරණයක් ප්‍රමාද කළයුතුයැයි යනුවෙන් ප්‍රකාශ කොට නැති වග ඉතා වගකීම් සහගතව සඳහන් කරන්නෙමු.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ පැවැත්වීම පිළිබඳව ප්‍රශ්න කරනු ලබන්නේ යම් මැතිවරණයක් අදාළ නෛතික පරිපාටින් උල්ලංඝනය කරමින් ව්‍යවස්ථා විරෝධීව පවත්වන අවස්ථාවකදී පමණි. එහෙත් මෙවර පවත්වන පළාත් පාලන ජන්ද විමසීමේ එවන් ගැටළුවක් දිස්නොවන බව අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු.

මැතිවරණක් පැවැත්වීමේදී සලකා බැලිය යුතු තාක්ෂණික මෙන්ම නෛතික කරුණු පිළිබඳව නිවැරදි තීරණ ගත යුත්තේ මැතිවරණ  කොමිෂන් සභාවයි. එමඟින් යම් අගතියක් වන්නේ නම් ඊට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තම බහුතර කැමැත්ත යටතේ පොදු තීරණ වෙත එළඹිය හැකිය. අධිකරණ ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීම ද තවත් එක් පරිචයකි. එබැවින් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ලෙස අප කටයුතු කරනු ලබන්නේද මෙම පසුබිම යටතේය. විවිධ පාර්ශව තම පටු සහ කෙටිකාලීන දේශපාලන අභිලාශ සමනය කරගැනීම සඳහා මැතිවරණ කල් දැමීම නම්වූ සාහසික ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාරග වෙත එළඹුනද අපි කිසිදු විටෙක ජනතා පරමාධිපත්‍ය අවතක්සේරු කරන අගතිගාමී  අදහස් ප්‍රවර්ධනය නොකරන්නෙමු.

රටෙහි පවත්නා ආර්ථික පරිහානිය පිළිබඳව  අපි හොඳින් දැනුම්වත්ව සිටින්නෙමු. එමෙන්ම අප අමතක නොකරන කරුණක්ද ඇත. මෙම දැවැන්ත ආර්ථික  ප්‍රපාතය කරා රට යොමු කරන ලද ප්‍රමුඛයන් වන්නේ ඒ ඒ ආණ්ඩු මෙහෙයවූ දේශපාලන අධිකාරිය බවයි. මැතිවරණ වෙනුවෙන් වැය වන මුදල එක්දිනක් තුළ සිදුවන්නක් නොවේ. එය තෙමසකට වැඩි කලක් ක්‍රමිකව සිදුවන්නකි. එබැවින් මේ මොහොතේ අත්‍යවශ්‍ය වන්නේ වෙන අන්කිසිවක් නොව තම පාලන තන්ත්‍රය කෙරෙහි වන ජනතා කැමැත්ත උරගා බැලීමයි. කවර ආණ්ඩුවක වුව පැවැත්ම රඳා පවත්නේ මහජන විශ්වාසය ඇතිතාක් පමණි. එවැනි පසුබිමක මැතිවරණ පිරිවැය යනු අනාගත ආයෝජනයක් බව අපි තරයේ විස්වාස කරන්නෙමු.

මැතිවරණයක් පවත්වා එමඟින් ජනමතය උරගා බැලීම සහ ඊට අනුගතව ක්‍රියාකිරීම රටෙහි තාවකාලික භාරකරුවන් පමණක්  වන පාලකයන්ගේ වගකීමයි. එකී අත්‍යවශ්‍ය කාර්යය ඉටුනොකොට රටෙහි උසස් මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා සමාජ මැදිහත්වීමක් දක්වන පාර්ශව කෙරෙහි  මතභේදාත්මක අදහස් පතුරුවමින්  සැඟවී සිටීම ඔස්සේ  මෙරටේ යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි නොවන බව අදාළ පාර්ශව තරයේ අවබෝධ කරගත යුතුය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය – PAFFREL
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රි නිරීක්ෂණ මධ්‍යස්ථානය – CMEV
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා – TISL
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය – CaFFE
ලක්බිමේ මව්වරු සහ දියණියෝ -MDL
මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය – NPOC  
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය – IRES

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan