ශ්‍රී ලංකාව,සිම්බාබ්වේ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද තරගයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 08 කොළඹ (LNW): අද ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර දෙවන එක්දින තරගය පැවත්වීමට නියමිතයි.පළමු තරගයේ ප්‍රතිපලය වැස්ස විසින් ගිල ගත් නිසා මේ තරගයේදී දෙපිළම සෑහෙන උවමනාවකින් තරගයට සූදානම් වෙමින් තිබෙන බව සහතිකයි.එහෙත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන පරිදි අද මිලි මීටර් 100 ක වර්ෂාපතනයක් සවස් කාලයේ බස්නාහිර පළාතට ලැබිය හැකියි.එසේ වුවහොත් එය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ද ඇද හැලී දෙවන තරගයත් වර්ෂාවට සේදී යා හැකියි.


එහෙත් විශාල වශයෙන් වර්ෂාව ඇඳ නොවැටීම මෙන්ම අඛණ්ඩව වර්ෂාව නොවැටීම කියන කාරණා මත ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණ සේවකයින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ හෝ මේ තරගය ප්‍රතිපලයක් කරා ගෙන යාමට සහය දක්වනු නිසැකයි.ඒ නිසා වර්ෂාව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද කියන අනා වැකිය නිවැරදිව බලා පා,එය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට බලපෑවත්,එය බලපාන ප්‍රමාණය අනුව තරගය පැවත්විය හැකි ද,නැද්ද යන්න තීරණය කළ හැකි සේවක පිරිසක් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිටීම තරගයේ තීරණය ගැන කතා කිරිමේදී අත් හැර යා නොහැකි සාධකයක් ලෙස ගත හැකියි.
එසේම නිතර වරදින අනාවැකි අතරට මේ අනාවැකිය ද එකතු වුවහොත් අද බස්නාහිර පළාත වර්ෂාවෙන් තොර වටපිටාවක් සහිතව තරගයට ආශිර්වාද කරන මට්ටමට පත් වේවී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...